2019 ජුලි 13 වන සෙනසුරාදා

තමන්ගෙ අයගෙ ඡන්දෙත් නැතිලු

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 547

නම කිව්ව සැණින් රටේ හැමෝම දන්න දියවන්නා කවුන්සිලේ අවුරුදු තිහකටත් වැඩි කාලයක් ඉන්න ජ්‍යෙෂ්ඨ දේශපාලුතුමෙක් ඉන්නවා....

උන්නැහේ දැනට පදිංචි කොළඹ බොරැල්ලෙ පැත්තෙ වුණත් නියෝජනේ කරන්නෙ ඈත ඈත ඌව පැත්තෙ ආසනයක්ලු. අතපාටියෙ පොරක් ගිය ඡන්දෙ කාලෙ ආණ්ඩුවෙ ඉහළම දෙවැනි මට්ටමේ තනතුරක් මෙයාටත් ලැබෙනවා කිව්වත් ලැබුණේ ඇමැති පට්ටමක් විතරයි...

ඊටපස්සෙ සිද්ධ වෙච්ච වෙනස්කම් නිසා දැන් එයාට තිබුණ පට්ටමත් නැහැ...

කොහොම වුණත් මේ කතාව ඒක නෙවෙයි මේ හිටපු ඇමැති භවතා කොපමණ ලොක්කෙක් වුණත් ඊළඟ ඡන්දෙදි පවුලේ උදවියගෙ ඡන්දෙ නම් මෙයාට ලැබෙන්නෙ නැහැ කියල ඒ පවුලට සමීප අය කියනව... ඒකට හේතුව මොකද්ද කියල සොයාගෙන සොයාගෙන යනකොට දැනගන්න ලැබෙන හේතු මෙහෙම ලියන්න කියන්න අමාරුයි. ඒත් කතාව නම් ඇත්ත.