2019 ජුලි 20 වන සෙනසුරාදා

විල්පත්තු ලොක්කාට ටොක්කක්!

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 569

ආණ්ඩුවට භංගය ගෙනාපු වෙලාවේ ආණ්ඩුවේ තනතුරු අත්හැරිය මුස්ලිම් කට්ටිය හම්බවුණාලු අලි පාටියේ ලොකු තැන ඒ භංගය ගැන කතා කරන්න. ඒ සාකච්ඡාව යම් තර්ක විතර්ක පොරොන්දු මැද්දේ ගිය එකක් වෙලා අන්තිමට වැඩේ ඉවරවෙලා කට්ටිය කාර්යාලයෙන් එළියට බැස්සා.

කොහොම හරි අලි පාටියේ ලොක්කට ආරංචි වෙලාලු තිබ්බේ පුත්තලම පැත්තේ කතෝලික මන්ත්‍රී පෙරේරා කෙනෙක් විශ්වාසභංගයට ඡන්දය නොදී මග අරින්න යනවා කියලා. මේ නිසා පාටියේ ලොකු තැන මෙයාව කාර්යාලයට ගෙන්න ගත්තලු.

මෙයා දැන් කාර්යාලයට යනකොට කාර්යාලයේ ඇතුළේ ඉඳලා එන මුස්ලිම් ඇමැතිවරු මුහුණටම හම්බවුණා. ඉස්සරහෙන්ම හිටියේ විපක්ෂයෙන් විතරක් නෙමෙයි ආණ්ඩුවේ අයගෙනුත් චෝදනා එල්ල වුණු විල්පත්තුව කිව්වම මතක්වෙන කෙනෙක්‍.

මෙයා පෙරේරාව දැක්ක ගමන් නැවතිලා හැමෝම ඉස්සරහා කිව්වලු මට ඕනේ දෙයක් ඉවසන්න පුළුවන්. හැබැයි ඔයා කියන දේවල් ඉවසන්න බෑ කියලා. පෙරේරා කිව්වලු මම නිකම් කතා කරන්නේ නෑ. චෝදනා තියෙන ඔයා තවම නිදැල්ලේ ඉන්නේ. ඒ නිසා මගේ විවේචනය කරනවා. මම විස්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නත් හෙට ඉඳලා ඔයාව විවේචනය කරනවා කියලා.

මේක අහලා අර මුස්ලිම් ලොක්කට තරහ ගිහින් එයා කිව්වලු හරි යන්නේ නෑ. මේ ගැන එක අදහසකට එනකල් විශ්වාසභංගයට ඡන්දය දෙනවද නැද්ද කියලා තීරණය කරන්න වෙනවා කියලා.

මේ අහපු ගමන් පෙරේරට තරහ ගියාලු මම තමුන්ව උස්සලා ගහනවා පොළොවේ කිව්වලු හැමෝම ඉස්සරහ. එතන ගම්පහ පුංචි දොස්තර මහත්තයත් හිටියලු. අන්තිමට අර ලොක්කා කට වහගෙන ගියා කියලයි ආරංචිය.