2019 ජුලි 27 වන සෙනසුරාදා

අලුත් යෝජනාව

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 534

මෛත්‍රී පිලේ මන්තිරිලගෙන් සමහරු දැන් ඉන්නෙ වැට උඩලු... කස්ටියක් අලිය පිට යන්නත් තවත් කස්ටියක් පොහොට්ටුවට පනින්නත් අර අදින බවයි ආරංචි...

ඒ අතරෙ පොහොට්ටුවයි අතයි අතරෙ කෙරෙන කතාබහ ඇදි ඇදී යනව මිසක් රටේ මහ පුටු අපේක්ෂකත්වය මෛත්‍රීතුමාට ලැබෙන පාටක් නැහැ....

ඒ නිසා උන්නැහේට හිතවත් මන්තිරිවරු දෙතුන් දෙනෙක් අලුත් යෝජනාවක් කරන්න අර අඳින බවට ආරංචියක් ලැබුණා... මේ අය කොළඹ, දකුණෙ, කුරුණෑගල වගේ පළාත්වල මෛත්‍රී හිතවාදීන් කියලයි කියැවෙන්නෙ...

උන්නැහේල කියන්න යන්නෙ මහ පුටු වරම නොලැබුණොත් හිටපු ලොකු තැන ආදර්ශයට අරගෙන පුලතිසිපුරෙන් කවුන්සිලේට එන්න සූදානම් වෙන්න කියලයි... ඒකට පොහොට්ටුවෙන් ටිකට් එක ලබාගන්න කියලත් යෝජනා කරන්න ඉන්න බවයි ආරංචි....

වැඩේ එහෙම වෙනව නම් අත පාටියෙ ඉතුරු කස්ටියත් එක්ක පොහොට්ටුවෙන් එන අපේක්ෂකයට උදව් කරල ඒ පහනෙන් එළිය බලමු කියන්නයි මේ මන්තිරිගොල්ල සැරසෙන්නෙ...