මේ රටේ ලොකුම දේශපාලන පවුලක සල්ලිකාර සහෝදරයෙක් පසුගිය කාලෙ දේශපාලන අඩව්වක් අල්ලන්න සැට් වේගෙන ආවා...
මාධ්‍යයට කතා කරන්න ගත්ත උන්නැහේ දුප්පතා නගාසිටුවීම ගැන මත්ද්‍රව්‍ය තුරන් කිරීම ගැන එහෙම දේශන දෙමින් තැන් තැන්වල පොඩි ජනහමුත් තිබ්බා...
මේව කරන එකෙන් එයා බලාපොරොත්තු වුණේ රටේ ඉහළම පදවියක් හොබවන තමන්ගෙ සමීපතම ඥාතියා ලව්වා නාමයෝජනාවක් ලබාගෙන ඉදිරි ඡන්දෙකදි කවුන්සිලේට එන ඡන්දෙ ඉල්ලන්නයි...
කොහොම හරි මේ වැඩේ නැගලා යන්න ගත්තම ව්‍යාපාරික සහෝදරයා දවසක් තමන්ගෙ සමීපතම දේශපාලන ඥාතියා හමුවෙන්න ගියේ තම අනාගත අරමුණ කියල උන්නැහේගෙන් ආශිර්වාද ලබාගන්නයි...
එහෙම ගිහිල්ල තමන්ගෙ අදහස කිව්ව විතරයි එයාට තම ඥාතියගෙන් ලැබුණෙ සැර වැර ප්‍රතිචාරයක්ලු. තමන් සැදූ සටන් පාඨ අරගෙන දේශපාලනේ කරන්න එපා කියලා- ලොකු අවවාදයකුත් කරමින් තමන්ගෙ පාටියෙන් නම් නාමයෝජනා නොලැබෙන බවත් කිව්වලු... එහෙම ඕන නම් වෙනම පාටියක් හදාගෙන තමන්ටම සටන් පාඨ හදාගන්න වෙයි කියලත් දන්වලා...
මේක අහගෙන හිටපු ව්‍යාපාරික සහෝදරයා බොහොම දුකෙන් ගෙදර ඇවිත් ඡන්ද සටන වෙනුවෙන් පටන්ගත් වැඩ සේරම නැවැත්තුවලු... දැන් එයා තමන්ගෙ සමීප ඥාතියාට දොස් කියමින් මට මෙයා නිසා හැමදාම උදව් කරපු හිටපු ලොකු තැනත් නැති වුණා... අන්තිමට එයත් නැති වුණා... මේ සේරොම නිසා අන්තිමට මමත් නැති වුණා කිය කියා ඉන්නවලු.