කාලයක් මේ රටේ ලොකු තැනගෙ හොඳම අන්තේවාසිකයෙක් හැටියට හිටපු මහත දෙහෙත දකුණෙ දියවන්නා කවුන්සිල් මැම්බර් කෙනකුට පසුගිය දවස්වල අගමුල මාරුවෙලාය කියලා කතාවක් ගියා...
හිටපු ලොකු තැන ආණ්ඩු කළ කාලෙ උන්නැහේගෙ කරේ නැගල ඉඳල පසු කාලෙ මොළේ පවා වෛද්‍යවරැ ලවා පරීක්ෂා කරවා ගත්ත මෙයා හිටපු ලොකු තැනට කොකා පෙන්නමින් තමයි හිටියෙ. නමුත් පොහොට්ටුවෙ මහ සමුළුවට දවසකට දෙකකට කලින් උන්නැහේට කරපු පව් සමාකර ගන්න හිතිලා හිටපු ලොකු තැන හෝ ගෝඨා උන්නැහේ හෝ හමුවෙන්න දත කෑවලු.
ඒත් ඒ දෙන්නම මෙයාව ඒ පැත්තට ගන්න සූදානම් නොවුණු නිසා ආත භූත වෙච්ච මෙයා එයාලා මම ගන්නෙ නැත්නම් බලෙන් හරි මම පොහොට්ටු සමුළුවට එනවය කියලා පණිවුඩයක් දුන්නලු..
ඒක අහපු හිටපු ලොකු තැන මෙයාට පණිවුඩයක් යවමින් කිව්වෙ ඔයා කරපු පව් ඔය රුස්වීම්වලට ඇවිත් ගෙවන්න බැහැ... ඒ නිසා එන්න එපා. ආවොත් මිනිස්සු හූ කියාවි. සමහරවිට ඊටත් වඩා සැර සංග්‍රහ ලැබෙන්නත් ඉඩ තියෙනවා කියලයි...
ඒ පණිවුඩෙන් පස්සෙ දමනය වුණු දකුණේ දේශපාලුතුමා දැන් තමන් අනාථ කළ අයට බැණ බැණ කඳුළු පෙරමින් හිටපු ලොකුතැනටත් දොස්කියමින් ඉන්නවලු.