2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

සෑත්තරේ

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 558

වතුකරේ එක්තරා පෙරමුණක නායකයෙක් තමන්ගේ දේශපාලන අනාගතේ ගැන බලාගන්න දකුණු ඉන්දියාවේ සුප්‍රකට දෛවඥයෙක් හමුවුණා.

ඔහු දැනට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක ලොක්කෙක් එක්තරා ඇමැති පට්ටමකුත් තියනවා. අලි පාටියට කොන්දේසි විරහිතව පූර්ණ සහාය දෙනවා කියන මේ දේශපාලන භවතා දෛවඥයා මුණගැහිලා මුලින්ම ඇහුවේ තමන්ගේ දෛවය ගැනයි.

ඒ ගැන කරැණු පැහැදිලි කරමින් දීර්ඝ විස්තරයක් කළාට පස්සේ එයා මේ රටේ දේශපාලන අනාගතය ගැන ඇහුවා. ඉදිරියේදී මැතිවරණ පෝලිමක් එන බව දෛවඥයා කීවලු. ඊළඟට රටේ නායකයා වෙන තැනැත්තා ගැනත් අහලා.. ගණන් හදලා කිරලා මැනලා දෛවඥයා ඒකට දුන්න උත්තරේට නිහඬව සවන් දීපු වතුකර ලොක්කා සද්ද නැතුව ලංකාවට ආවා. ඇවිල්ලා තමන්ට කිව්ව සාත්තරේ ගැන තවත් සුළු පක්ෂ නායකයකුට කියලා ඇහුවේ මල්ලි අපි දැන් මොකද කරන්නේ කියලලු.

ඊටපස්සේ එයාගේ හිතවත් දේශපාලන නායකයා ඔය දෛවඥයාගේ සාස්තර ඇත්තද කියලත් විමසලා. එතකොට වතුකර ලොක්කා කිව්වේ මම අවුරුදු 25ක් තිස්සේ එයා හමුවෙනවා. කිව්ව දේවල්නම් කවදාවත් වැරදිලා නැහැ කියලලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00