2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

වල කැපීම

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 737

රටේ ලොකු තැන පොහොට්ටුව එක්ක සන්ධාන ගතවීම වළක්වන්න අත පාටිය ඇතුළෙ දෙතුන් දෙනෙක් පොඩි සැලසුමක් දියත් කරලලු...

ඒ අනුව මේ දෙතුන් දෙනා විටින් විට ලොකු තැන මුණගැහිලා 2015ට පෙර කතා මතක් කරල නොයෙක් දේ කියන්න පටන් අරන්ලු....

පසුගියදාක මහනුවර පැත්තෙ මන්දිරයකදී රටේ ලොකු තැන අත - පොහොට්ටු සන්ධාන කතාව හොඳින් ඉදිරියට යන බවත් තමන් සහ හිටපු ලොකු තැන පෞද්ගලිකව කතා කරලා තිබෙන ප්‍රශ්න විසඳාගන්න බවත් කියලා....

ඒ බව දැනගන්න යට කී තුන් දෙනාගෙන් රජරට පැත්තෙ කෙනෙක් මහ මන්දිරේකදි ලොකු තැන හමුවෙලා රෑ වැටුණු වලේ දවල් නොවැටී ඉඳිමු කියලා ලොකු අඳෝනාවක් කිව්වලු...

අපි පොහොට්ටුවට ගියොත් අපිට ලැබෙන්නෙ දෙවැනි පෙළත් නෙමේ තුන්වැනි පේළිය කියලත් කිව්වලු... එතකොට ලොකු තැන එහෙනම් මම මොකද කරන්නෙ කියල ඇහුවම ප්‍රශ්නය මතු කළ අයගෙ කට වැහුණලු. ඊට පස්සෙ එයා එළියට ඇවිත් මෙයාලා එක්ක මුකුත් කරන්න බැහැ... ඉතුරු මාස දෙකක් මෙහෙමම යයි කියලා යන්න ගිය බව තතු දත් අය කියනවා.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00