අලි පාටියේ අපේක්ෂක තෝරා ගැනීමේ මත ගැටුම් නිසා අපේක්ෂකයො හැටියට එන්න පුළුවන්ය කියලා හිතන ඒ පක්ෂයේම ඉන්න තව තවත් කස්ටිය අපේක්ෂකයා පිළිබඳ අපේක්ෂාවන් දල්වන්න පටන් අරන් කියලා අලුත්ම ආරංචියක් යනවා..
පසුගියදාක අලි පාටියේ ඉන්න මුදල් හදල් තියන එක්තරා ඇමැතිසයිස් මහත්තයෙක් හමුවෙන්න ආපු තරුණ මන්ත්‍රි කස්ටියකට අදාළ ඇමැති තැන තමන්ගෙ අපේක්ෂක අපේක්ෂාව මුල්වරට හෙළිදරව් කළාලු..
මම මෙච්චර කල් රටට කරපු වැඩවල හැටියට ගොඩනැගූ ව්‍යාපාර ජාලයෙ හැටියට ජනාධිපති අපේක්ෂකත්වයට මම නුසුදුසු ඇයි? කියලා උන්නැහේ තරැණ මන්ත්‍රිලගෙන් අහලා.
ඉතාම දයාබර ඒ වගේම කේන්ති ගියාම “ගම්මිරිස් වගේ සැර ඇමැති සයිස් මහත්තයගෙ මේ යෝජනාව අහපු පුංචි මන්ත්‍රි කස්ටිය කරකවලා අතෑරියවගේ ඇහුවලු “ඔබතුමත් ඡන්ද සටනට එන්න හිතනව ද කියලා එතකොට දයාබර ඇමැති තැන කිව්වෙ
“මට තියන කැපෑසිටි එකේ හැටියට මොකද මට එන්න බැරි?* කියලයි. ඒක අහපු මන්තිරි ගොල්ල හොඳ හුස්මක් අරන් යන්න ගියාලු..