දේශපාලන සාකච්ඡාවලදීත් සුහද හමුවීම්වලදිත් රටේ ඉහළම පට්ටමක් දරන කෙනෙකුට ඔහුගේ නමෙන් කොටසක් කියලා අමතන කෙනෙක් ඉන්නවාලු.. උන්නැහේට මේ රටේ වෙනත් කිසිම කෙනෙක් දැන් ඒ නමින් අමතන්නෙ නැතිලු..
මේ නිසා ඉහළම පට්ටමක් දරන ප්රබලයා තමන්ගෙ නමෙන් කොටසක් කියලා අමතන කෙනා එනකොට හැකිතාක් මඟඇරලා ඉන්නලු උත්සාහ කරන්නෙ. කලින් යුගයක මේ නමෙන් කෑල්ල කියන කෙනා දැන් රටේ ප්රබලයගෙ දේශපාලන බොස්වෙලා හිටපු හින්දලු මෙහෙම අමතන්නෙ.
කොහොම නමුත් කාලයක් මේ ප්රබලයාගෙ දේශපාලන බොස් හැටියට හිටපු තවත් එක්කෙනෙක් මේ රටේ ඉන්නවලු..
කලක් මේ දෙන්නා විරසක වෙලා හිටියත් දැන් ටික ටික කිට්ටුවෙලා ඇයි හොඳයි නම් දියුණු කරගෙනලු ඉන්නෙ. ඒත් එයා තමන්ගෙ පරණ දේශපාලන බොස්කම අමතක කරලා රටේ ප්රබලයට තනතුරු නාමයෙන් අමතන නිසා ඒ දෙන්නගේ සුහදතාවය පවතින බව තතු දත් අය කියනවා.