2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

මාරුවීම

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 1478

පසුගිය දවසෙ දියවන්නා කවුන්සිලේ එක්තරා විවාදයක් තිබුණා.... ඒක තිබුණෙ සංස්කෘතිය නංවන අරමුදලක මුදලක් විෂයභාර ඇමැති තැන හිතුමතේ වියදම් කළාද කියල දැනුවත් කරන්නයි....

විවාදෙ ඉල්ලල තිබුණෙ විපක්ෂයේ උදවිය. ඒ සඳහා කතා කරන්න විපක්ෂයෙ ප්‍රබල චරිත ගණනාවකට භාර දීලයි තිබුණේ. එයින් ප්‍රධානම කථිකයො දෙන්න දකුණෙ නිල්වලා ගඟබඩ දිස්ත්‍රික්කයක් නියෝජනේ කරන කාටකාර චරිත. ඊට අමතරව බස්නාහිර පැත්තෙ තව එක් කෙනෙක්.... ඉතින් ඔන්න මෙයාලගෙ දෙඤ්ඤම් බැටේ විවාදය සුපුරුදු විදියට පටන් ගත්ත.

නමුත් කතා බාරගත්ත දකුණේ ප්‍රබලය මුලින්ම එන්නෙ නැහැ කියල කිව්වලු. ඊළඟට හිටපු දකුණෙන්ම ආපු කනිෂ්ඨ කථිකය කවුන්සිලේ හිටියත් කතාවට ආවෙ නැහැ කියලයි ආරංචි. තුන්වැනියත් ඇවිත් නැහැ. කොහොම හරි විවාදය නම් ගියා. විවාද යෝජනාව ඉදිරිපත් කරපු මනුස්සය තනිකරල මාරැවුණ අය ගැන පැයක් දෙකක් යනකොට හිටපු ලොකුතැනට දැනගන්න ලැබිල....

එයා ඒ ගැන කලකිරීමෙන් හා කෝපයෙන් පළකළ අදහස් මෙහි පළකරන්නෙ නැතත්, මේ ගේම් එකේ ප්‍රතිඵල නම් ෂුවර් කියල නෙළුම් මාවත පැත්තෙ කතාවෙනව ඇහුණා...