2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

මල් වෙළෙන්දාගේ තෑග්ග

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 884

මහනුවර මල්වතු විහාරයේ ප්‍රධානම නායක තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ හිමි නමක් පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා ඒ පළාතට වැඩම කළා...

උන්වහන්සේ නැවතත් මහනුවරට වැඩම කරද්දි අලංකාර මල් අලෙවි කරන මල් වත්තක් අසලින් තමයි ගමන් කරන්නට වුණේ... මල් වත්ත ළඟින් සිය නිල රථයෙන් ගමන් ගත් නායක හිමියන් එහි ඉතා අලංකාර ලෙස පිපී තිබෙන ඕකිඩ් මල් යායක් දැක්කා...

කවදත් මල්වලට ප්‍රිය කළ නායක හිමියෝ තමන් සමඟ රථයේ ගමන් කළ අවතේවකරු අමතා ඕකිඩ් මල් කිහිපයක් මිලට ගන්නට වුවමනා බැවින් ඒවායේ මිල කීයදැයි විමසන්න ඔහුට කීවා...

නායක හාමුදුරුවන්ගේ අණ පරිදි ආවතේවකරැ මල් අලෙවිකරුගෙන් ඕකිඩ් මලක මිල විමසුවාම එක මලක් රුපියල් 400/-ට විකුණන බවයි කිව්වෙ... ඒ සමඟ අසල මල් පිපී තිබුණු කානේෂන් මල් පඳුරු දුටු නායක හිමියන් කානේෂන් මලක මිලත් විමසුවා. කානේෂන් මලක් රුපියල් 800/-ක් වන බව මල්වතු හිමියා පැවසුවා...

ඒ අනුව දෙවර්ගයෙන්ම මල් කිහිපයක් මිලට ගත් නායක හිමියන් අසලට මුදල් ලබාගැනීමට පැමිණි මල් අලෙවිකරන්නා උන්වහන්සේ සමඟ කතාවට වැටුණා...

මල්වතු හිමියා එහිදී විමසා සිටියේ මල් මිලට ගන්නේ පන්සලේ වුවමනාවකටද කියායි. එවිට නාහිමියෝ මල් සඳහා මුදල් ගෙවන අතර මෙහෙම පිළිතුරක් දුන්න...

පන්සලේ කිව්වට මම වැඩඉන්න කුටියෙ මල් වාස් එකට දාන්නයි මේව ගත්තෙ. අද සවසට මම හමුවෙන්න විශේෂ අමුත්තෙක් එනවා... ඒ අපේ.. මහත්තයා... (ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුගේ නම කියයි)... ඒ හින්දයි මල් ගෙනියන්නෙ...

උන්වහන්සේ එහෙම කියමින් මුදල් නෝට්ටු කිහිපයක් මල්වතු හිමියා අත තිබ්බා...

අනේ හාමුදුරුවනේ එතුමා එන අවස්ථාවකට පාවිච්චි කරන්න නම් මල් ගන්නෙ මට සතයක්වත් එපා.. ඒක එතුමටත් ඔබවහන්සේටත් මම සතුටින් දෙන තෑග්ගක්... එහෙම කියපු මල්වතු හිමියා නැවතත් තමන් අත තිබූ මුදල් නෝට්ටු කිහිපය නායක හිමියන් අත තබා උන්වහන්සේට වැඳලා යන්න ගියා...