අත පාටියෙ සහයෝගය පොහොට්ටුවට දෙන්න ඕන කියල මධ්‍යම කමිටුවෙ කස්ටිය 99%ක්ම කියන්න පටන් ගැනීම නිසා ඒ කාරණාව නිල නොවන මට්ටමින් තීන්දු වුණා. ඊළඟට රටේ ලොකු මහත්තය වගේම පාටියෙ ලොකු මහත්තයා විසින් ඒක මාධ්‍ය හමුවේ කියන්න තිබුණෙ ගිය සති අන්තයේදියි. නමුත් ඒ මාධ්‍ය හමුව එකපාරටම අවලංගු වුණා. ඒ වගේම එය පසුවදාට කල් යනවය කියලා නිවේදනේ කළත් පසුවදාත් මාධ්‍ය හමුව සිදු වුණේ නැහැ. ඊළඟට මහ මන්දිරෙන් කිව්ව රටේ ලොකු මහත්තයා ජාතිය අමතා කතාව කියනවය කියලා. පක්ෂය තීන්දුව අරන් දවස් තුන හතරක්ම ගියත් ජාතිය ඇමතිල්ල කෙරුණෙ නැහැ...
අන්තිමේදි පොහොට්ටුවෙ අයටත් වඩා මේ ගැන කලබල වුණේ අත පාටියෙ මන්තිරිගොල්ල. මේ කතාව මේ විදිහට පල් කරන්නෙ මොකද කියල බලනකොටයි ඇත්ත කතාව එළි වුණේ. මේ තීන්දුව කියන්න පක්ෂයෙ වගේම රටේ ලොකු මහත්තය සැරසෙනකොට රටේ ලොකු පුටුව කලින් දැරෑ හිටපු ලොකු නෝන උන්නැහේට විශාල බරබරයක් දාලා කෝපය පිට කළාලු.
අත පොහොට්ටුවට පූට්ටු කළොත් පාටියෙ ඉන්න තමන්ගෙ මිනිස්සුත් එක්ක පාටියෙන් දොට්ට බැහැල ගිහින් පුංචි දාසගෙ වේදිකාවට නගින එක නගිනවමයි කියල ගෝරණාඩු කළාලු. වහළෙ උළු පහත්වෙන තරම් සද්දෙට කරපු ඝෝෂාව හින්ද ප්රශ්නය ගොඩින් බේරගන්න කපුවො දාලා වැඩේ ටිකක් පමා කළා කියල ආරංචියි.
කොහොම නමුත් ගත්ත තීන්දුව රජරටදි ඒ විදියටම ප්‍රකාශ කරලා ගිවිසුම් ගහන්න සියල්ල සූදානම් වුණේ හිටපු ලොකු නෝනගෙ විරෝධයට වඩා පාටියෙ මන්ත්‍රීල එතුමියගෙ තීරණේට විරුද්ධ වුණු නිසාලු.