පුලතිසිපුරෙන් පොහොට්ටුවට ලැබෙන්න තිබුණ ඡන්ද විසි තිස්දාහක් ලැබිලා නැතිලු.... දැන් පොහොට්ටු ලොක්කා මේ ගැන ලොකු සොයාබැලීමක් කරන්න පටන් අරන් කියල කියැවෙනවා....
මෛත්‍රීතුමා නිර්පාක්ෂිකයි කියල කිව්වට උන්නැහේගෙ සමීපතම ඥාති පිරිසක් වැඩකළේ හංසයටය කියලත් තොරතුරු ගොඩක් ලැබිලලු.
ඒ පවුලට සම්බන්ධ තිලිණ ප්‍රදානයට කැමැති කෙනෙක් ඡන්දෙ කාලෙ හංසයට දුන්න මිලියන ගණන්වල තෑගි බෝග ගැනත් ආරංචිලු.
ඒ වගේම උන්නැහේ මැතිවරණ ප්‍රතිඵල ලැබෙන දවසෙ රටපුරා අලවන්න පෝස්ටරයක් මුද්‍රණය කරන්න කැලණිය පැත්තෙ මුද්රණාලෙකට දුන් ඇණවුම ගැනත් තොරතුරු ලැබිලා. නමුත් ඒ පෝස්ටරේ ගැහිල්ල අන්තිම මොහොතෙ නතර වුණේ හංසයා පැරදුණු හින්දලු.
ඉතින් පුලතිසිපුරේ ලොකුම පවුල්වල ප්‍රබලයා තමන්ගෙ රියැදුරන් ආරක්ෂකයන් වගේ අයට ඡන්දය පාවිච්චි කළයුතු ආකාරය ගැන දීපු උපදෙස් ගෙඩි පිටින් නෙළුම් මාවතට වාර්තා කරලා කියලා ආරංචියි.
ඒ අවුල අස්සෙ පුලතිසිපුරේ නායකය වගේම රටේ හිටපු ලොකු මහත්තයගෙ හොඳම ගෝලයෙක් වන හිටපු ආණ්ඩුකාරයෙකුත් තමන්ට පසුගිය කාලෙ තිබුණ කැපිලි කෙටිලිවලට වාඩුව ගන්න දැන් වට වංගුවකින් පොහොට්ටුවට ඇමක් දාලය කියලා ආරංචියි....