2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

තීන්දුව වෙනස් වෙලා!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 554

ඉදිරි මහ ඡන්දයත් අලි පාටියෙ ලොකු මහත්තයා විසින් මෙහෙයවන බව පාටියෙ ලොකු ලේකම් තැන ප්‍රකාශ කළ පසු සජිත් පිලේ අය බරපතළ කම්පනයකට පත්වෙලා කියලයි ආරංචි...

පසුගිය දවස්වල පාටියෙ ලොකු මහත්තයා නායකත්වය අතහරින මට්ටමේ හිටියත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාලු...

ඒ නිසා සජිත් පිල පාටියෙ බලය අල්ලාගන්න අලුත් වැඩකට සැට්වෙන බවයි තතු දත් අය කියන්නෙ...

ලබන 20දා පාටියෙ ලොකු මහත්තය නත්තල් නිවාඩුවට රට යන්න කලින් පාටියෙ මහ පුටුව සජිත් පිලට නුදුන්නොත් ඒකට එරෙහිව මුලින්ම ප්‍රචාරක යුද්ධයක් පටන්ගන්න සේරම ලෑස්තිලු...

ඒ අතරෙ නායකතුමා පක්ෂයේ ඉදිරි ගමන සාර්ථක කරගන්න ප්ලෑනක් හදන්න කමිටුවකුත් පත් කරලා. ඒකෙ ඉන්නෙ අලි පාටියෙ ලොකු ලොක්කො විතරයි. හැබැයි ඒ අය අතරට ඉත්තා නමින් පාටියෙ සමහරු හඳුන්වන කනිෂ්ඨ මන්ත්‍රීතුමෙක් පත් කිරීම ගැන විරෝධය පළ කරන්නත් ජ්‍යෙෂ්ඨයෝ සූදානමින් ඉන්නවලු..