ඡන්දයෙන් පස්සෙ උතුරු සන්ධානෙ ඉහළ පට්ටම්වල ලොකු වෙනසක් වෙන්නලු යන්නෙ... ඒ අනුව විසි අවුරුද්දකට වැඩි කාලයක් ඒකෙ නායක පට්ටම දැරූ සම්පන්දන් උන්නැහෙත් උන්නැහේගෙ දෙවැනිය වන සේනාධි උන්නැහෙත් දේශපාලනෙන් සමුගන්න යනවය කියලා ආරංචියි...
මේ දෙන්නම සෑහෙන කාලයක් ඉහළ පුටුවල හිටපු නිසාත් සෞඛ්‍යමය හේතුන් නිසාත් සමුගන්න බවයි කියැවෙන්නෙ..
නමුත් එයාල උපරිම උත්සාහ දරලත් අලි පාටියෙ සජීතුමාට මහ ඡන්දෙන් ගොඩයන්න බැරිවීම ගැනත් ලොකු කනස්සල්ලක් තිබෙනවලු...
කොහොමහරි මේ සමුගැනීමේ කතාවත් සමඟ ඊළඟට මේ නායක පුටුව අල්ලාගන්න පාටිය ඇතුළෙ දැනටමත් සීතල යුද්ධය පටන් අරන්..
අපට ආරංචි විදියට මේ නායකත්ව තරගයේ ඉදිරියෙන්ම සිටින කෙනා මේ දවස්වල ඩෙංගු රෝගයට ගොදුරැවෙලා අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා සටන තවමත් ඇල්මැරිච්ච විදියට ගලායන වගයි කියැවෙන්නෙ.