අන්තිම මොහොතේ පොහොට්ටුවේ ඉඳලා විප්ලව කරන්න එළියට බැස්ස කළුගං තොට හාදයා දේශපාලනයෙන් ඈත් වෙනවා කිව්වට ඔන්න ආයෙත් වැඩේට එන්ටර් වෙන්නලු හදන්නේ. පුදුමේ කියන්නේ එයා වැඩ කරන්න යන්නේ හිටපු ලොකු නෝනත් එක්ක වීමයි. ඒ නෝනයි නෝනා එක්ක අත පාටිය බේරගන්න කියලා ඉන්න හාදයොයි එකට එකතු වෙලා මේ වැඩේ නායකත්වය දෙන්න යන්නේ කළුගංතොට සිංහයාටලු. එයත් වැඩේට කැමතියිලු. කොහොම වුණත් මේ හරහා මෙයා කොට පාරකින් ඇතුළට එන්න හදන වෑයමක් කියලා සමහරු මේ ගැන සැක පළකරන්නත් පටන් අරන්ලු.
හැබැයි කළුඟං තොට සිංහයා ඉස්සරහට එන්න යන්නේ කළු ගං තොටින් නෙමෙයි කියලයි ආරංචිය. කොහොම වුණත් මෙයාව දන්න ළඟම අය නම් කියලා තියෙන්නේ ආයෙත් කළු ගලේ ඔළුව ගහගන්න එපා කියලලු.