රටේ මහපුටු සටන ඉවර වුණාට දේශපාලන උණුසුම අවසන් නැහැ... තවත් මාස දෙක තුනකින් එන මහ කවුන්සිල් ඡන්දෙට හුඟක් දෙනා දැන් සැරසෙන්නෙ තිරය පිටුපස ඉඳගෙනයි.
හුඟක් දිසාවල්වලට අලුත් අලුත් චරිත ඉදිරිපත් කරන්න ආණ්ඩුව පැත්තෙ සූදානමක් තියෙන බව ආරංචියි... මේ සම්බන්ධව ලැබෙන අලුත්ම ප්රවෘත්තිය හැටියට කලක් කොළඹ මහ පුරවැසියා හැටියට අලි පාටිය නියෝජනය කරපු ප්රබලයෙක් මේ පාර පොහොට්ටුවෙන් වයඹට එන්නලු යන්නෙ.. ඇතුගල පේනමානෙ ඉඳගෙන දැනටමත් ඒ පළාතෙ බලවත්ම රස්සාවක් කරන උන්නැහේ කාලෙකට පෙර සූදානම් වුණේ අගනුවරින් පොහොට්ටුවෙන් තරගෙට එන්නයි...
ඒත් පොහොට්ටුවෙම ඉහළ තැනකින් ලැබුණු ආරාධනාවක් අනුව උන්නැහේ වයඹට සම්ප්රාප්ත වෙන බවයි දැනගන්න තියෙන්නෙ...
පොහොට්ටුවෙ ලොකු මහත්තයත් වයඹින් ඡන්දෙට එන හින්දා මේ පාර ඒ පළාතෙ තියුණු ඡන්ද සටනක් දෙන්නයි පළාතෙ පොහොට්ටු ලොක්කො සැලසුම් කරන්නෙ...