2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

අපි එයාට දොර වහලා

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 715

පසුගිය යහපාලනෙ කාලෙ තමන් කරපු ජරමර මාට්ටුවෙලා ගිනිවතුරට වැටිල ඉන්න හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා...

හිටි ගමන් අක්කර සිය දහස් ගණනක් අයිතිවුණාය කියලා කියන කෝටි ගණන් ධන නිධාන පහළ වුණාය කියන මේ උත්තමය වයඹ පළාතෙ ඇති විල් තියෙන පත්තුවක් සුද්ද බුද්ද කරලා රටට ලොකු සේවාවක් කරපු කෙනෙක්.

දැන් එයාට තමන්ගෙම දේශපාලන පක්ෂයකුත් තියෙනවා. ඒත් පෙර කරපු කරුම පල දෙන්න ගත්තම හුඟ දෙනෙක් කරනවා වගේ උන්නැහෙත් මේවයෙන් මුවා වෙන්න ආගමික රුකවරණය පතන්න පටන් අරන්....

පසුගිය දවසක මෙයා තමන්ගෙ දුක කියන්න මහනුවර මහා විහාර දෙකට යන්න උපරිම උත්සාහයක් දැරුවා.... දහ අතේ පණිවුඩ පතක් යවල මහ නාහිමිවරැන් හමුවෙන්න අවසර පැතුවා.... මේක කරගන්න විශේෂ නිලධාරියෙක් දවස් ගණනක් මහනුවර කරක් ගැහුවා.... ඒත් නුවර මහ පන්සල් දෙකෙන්ම ලැබුණෙ එක උත්තරයයි.

අපි එයාට දොර වහලයි තියෙන්නෙ... ඒ නිසා මුණගැසිම අමාරුයි... නුවරින් කිව්වා.

ඒත් තවමත් උන්නැහේ මේ උත්සාහය අතහැරලා නැහැ කියලයි ආරංචි.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00