පුටු පාටියෙ ඉන්න බලවත් තරුණ ඇමැති මහත්තයකුට ලොකු දෝෂාරෝපණයක් අහන්න සිද්ධ වුණාලු...
රජරට පළාතෙන් ඇවිල්ලා ලංකාවේ ජනතාවගෙ බඩකට පුරවන සබ්ජෙක්ට් එක භාරව ඉන්න උන්නැහේ පසුගිය කාලේ වැඩිපුරම හිටියෙ රජරට නෙවෙයිලු... පිටරටලු...
තමන්ගෙ පක්ෂයෙත් ඉහළම ලියන මහත්තය වගේ ඉන්න මේ ඇමැති තැනගෙ සමහර රට ගමන් ගැන රටේ ලොකු මහත්තුරු දැනගත්තෙ රට ගියාටත් පස්සෙය කියලා තවත් කතාවක් ගියා....
ඉතින් මේ රට ගම අමාරු කාලේ නිතරම රට යෑම ගැන පසුගියදා ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලයේදී ලොකු කතාවක් ඇදිලා.... ඒ ගැන ලොකු මහත්තයා ප්රශ්න කළාලු...
ලොකු මහත්තයා අහපු ප්රශ්නවලට ඇමැතිතැනට හරි හමන් උත්තර තිබුණෙත් නැහැ කියලයි ආරංචි...
අන්තිමේදී ඇමැතිතුමාට නියෝගයක් ලැබුණා වහාම ඔය හදිසි රට ගමන් නවත්තන්න කියලා... තමන්ට භාර දීපු වැඩේ හරියට කරන්න කියලත් කියැවුණා... ඇමැතිතුමා හ්ම් කිව්වා..