අපි මේ කියන්නෙ එක්තරා ස්වාධීනය කියල කියන කොමි - සමක් ගැනයි...
රටේ ජනමතය මනින විභාගෙ තියන්නේ මේ කොමි - සමෙන් කියලයි පතපොතේ ලියවිලා තියෙන්නෙ....
ඉතින් මේ කන්තෝරුවෙ බලධාරියොන්ට කියන්නෙ කොමිසාර්ල කියලයි. උන්නැහේල පත්වෙන්නෙ දියවන්නා කවුන්සිලෙන් හොඳට තෝරල කිරල මැනල. එහෙමලු එයාල පත් කොරන්නෙ...
අපි මේ කියන කොමිසමේ ඉන්න කොමිසාර්ල තුන්හතර දෙනාගෙම අස්සන් නැතුව කිසිම ලියුමක් නිකුත් කරන්න බැහැ....
එහෙම තියෙද්දි රටේ හැමතැනම කතාබහ වෙන ජනමත තරගෙ ගැන එක්තරා විශේෂ ගැසට්ටුවක් මේ ස්වාධීන කොමි-සමෙන් නිකුත් කරන්න තීන්දු කළා...
එහෙම කරල ඒකෙ ඉන්න බලධාරීන් තුන් හතර දෙනාට ඒකට අස්සන් කරන්න කිව්වම. එක් කෙනෙක් ඒකට ‘බෑ’ම කියනවලු... බැහැ කියන්න උන්නැහේ ඉදිරිපත් කොරන හේතු අනිත් කොමිසාර්ල පිළිගන්නෙත් නැතිලු....
ඉතින් මේ ගැන තිරය පිටුපස ලොකු අවුලක් තිබෙන බවයි තතු දත් අය කියන්නෙ....
මේ අවුල මෙච්චරකල් තිරයෙන් වහගෙන හිටියත් දැන් ඒක ටික ටික එළියට පනින්න පටන් අරන්.... රටේ ජනතා අයිතීන් රකින්න පත් කොරපු සුවාදීන යැයි කියාගන්නෙ කන්තෝරුවල වැඩ මෙහෙම නම් ජනතාවට සිද්ධවෙන්නෙ ‘හූල්ල’න්න විතරයි.