සමගි බලවේගෙ කස්ටිය එක්ක සැට්වෙලා බස්නාහිර පළාතෙ එක්තරා දිස්ත්‍රික්කෙකින් ඡන්දෙට එන තරුණ දේශපාලුතුමෙක් තමන්ගෙ පරණ මහගෙදර එක්ක වැඩි සම්බන්ධකම් පවත්වන්න තීන්දු කරලලු...
පසුගිය දවස්වල මාධ්‍යයෙන් නම ලොකුවට ප්‍රසිද්ධ වුණ මේ මන්තිරිතුමා සමගි බලවේගෙන් ඡන්දෙට ආවෙත් පරණ මහගෙදර කස්ටියගෙ උපදෙස් අනුවය කියල සිරිකොත පැත්තෙ ඉන්න සමහරු කියනවලු... ඒකට හේතුව අලි පාටියෙ දිස්ත්‍රික් ලැයිස්තුවෙ තිබුණ තදබදේ නිසා මෙයාගෙ ජයග්‍රහණය ෂුවර් නැති තත්ත්වෙට පත්වීමලු...
කොහොම හරි ඊටපස්සෙ එයා සමගි බලවේගෙ කස්ටිය එක්ක සැට්වෙලා ඒ පැත්තෙන් ඡන්දෙටත් ආව... ඒ වුණාට එයාගෙ හිත තියෙන්නෙ අනික් පැත්තෙයි.
කොහොමහරි දේශපාලන පවුලකින් පැවත එන මේ තරැණ දේශපාලුතුමා ඊළඟට කරන දේ බලාගන්න පුළුවන් වෙන්නෙ මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සෙය කියල එයාගෙ සමීපතමයන් කියනව.