2020 ජුනි 13 වන සෙනසුරාදා

තනතුරු පොරේ

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 457

අලිපාටියේ තනතුරු ඡන්දයට කලින් වෙනස් කරන්න කියලා කීප දෙනෙක්ගෙන් බලපෑම්ලු. පක්ෂයේ නියෝජ්‍යකම කොළඹ ඉන්න කරුණාවට බාර නායකයෙක් ගන්නවා කියලා දැන් කතාබහක් යනවා. ඒ වගේම පක්ෂයේ ඉහළම තනතුරකට දකුණ සංවර්ධන කරන්න දුන්නු කෙනෙකුත් යෝජනා වෙලා.

මේක ගැන දැනගත්ත කීපදෙනෙක් දැන් තැන් තැන්වල කසු කුසුලු. විශේෂයෙන් දකුණේ කෙනාට නම් දෙන්නම එපා කියනවලු. ඒ වගේම අරයට නියෝජ්‍යකම දෙන්න එපාත් කියනවලු. මේක දැන් එයාලගේ මණ්ඩලයේ ලොකුවට කතාවක් ගිහින්ලු තියෙන්නේ. ඒ දෙන්නට දුන්නොත් තීරණයක් ගන්නත් කීපදෙනෙක් ඉන්නවලු. හැබැයි ඒත් අර දෙන්නා තනතුරු ඉල්ලනවා කියලයි ආරංචිය. එයින් එක්කෙනෙක් තමන්ට මේ උසස් පදවිය ලැබිය යුතු දින වකවානුත් නියම කරලලු. එයාලා ඒ විදියට කිරුළු පළඳින්න හිටියට කකු‍ලෙන් අදින කට්ටිය වැඩි නිසා පක්ෂයේ ලොකු තැනත් තවම ඒ ගැන කතාවක් නෑලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00