මේ දවස්වල පුවත් මවන (මැකෝ) තුමාගෙ උපන්දිනේ පසුගිය දවසකට යෙදිලා තිබුණා.. ඉතින් ඒකට සමහරු එතුමට සුබ පැතුවා.. ඒත් උපන්දිනේ දවසෙ දවල් වෙනකොට උන්නැහේට සුබ පතන්න දුරකතනයෙන් කතා කළ හැමෝටම දැනගන්න ලැබුණෙ (මැකෝ) තුමාගෙ දුරකතනය (නිවා දමා) ඇති බවයි...
සමාජයේ බොහෝ මිතුරන් සිටින ජනප්‍රිය පුද්ගලයකු වන (මැකෝ) තුමා උපන්දිනේ දවසෙ ටැලිෆෝන් ඕෆ් කරන් ඉන්න එක ගැන සමහරු පුදුමත් වුණා... ඒත් තවත් කස්ටියක් එයා එදා මෙහෙම කළේ මොකද කියලත් හොයලා බැලුවා.. ඔන්න බොලේ එතකොටයි වැඩේ පත්තු වුණේ.
ඊට කලින් දවසෙ ඡන්ද කොමිසමේ ඉන්න (හූල්) උන්නැහේ උතුරෙ මාධ්‍යයට මහා අර්බුදකාරී කතාවක් කළා... ඒක දකුණෙ මාධ්‍යයටත් කාන්දු වෙන්න වැඩි වෙලා ගියේ නැහැ. ඉතින් (මැකෝ) තුමාගෙ උපන්දිනේ දවසෙ උදේ වරුවෙ උන්නැහේට හිටු කියල කෝල් එන්න පටන්ගත්තා... ඒත් ඒ උපන්දිනේට සුබ පතන්න නෙවේ. (හූල්ගෙ) කතාව ගැන ප්‍රශ්න කරන්නයි එහෙම කෝල් දුන්නෙ.
අන්තිමේදි උපන්දිනේ දවසෙ (මැකෝ)ට මේක ඇණයක් වණයක් හා වාතයක් බවට පත්වුණා... ඒ පාර එයා ටැලිෆෝන් ඕෆ් කරල තමන්ගෙ වැඩක් බලාගත්තා. ඒ නිසා ඇත්තටම උපන්දිනේට සුබ පතන්න කතා කළ අයට මැකෝට සුබ පතන්න බැරි වුණාලු.