මනාප සටන් උග්‍රවෙනකොට අමනාපකම් වැඩිවෙන්න පටන් අරන්. එකම දිස්ත්‍රික්කෙ එකම පක්ෂයෙන් ඉල්ලන අය අතරෙයි මේ සටන වැඩිපුරම තිබෙන්නෙ...
ගාල්ල - මාතර පැත්තෙ තමයි වඩාත් උග්‍රම සටන තිබෙන බවට ආරංචි... මාතර පැත්තෙත් ඡන්දෙට බැහැපු රටේ ඉහළම පවුලකට ඥාති සබඳතා තිබෙන තරුණයෙක් වේගයෙන් ඡන්ද සටනට බැහැලා තියෙනවා... එයාගෙ උදව්වට කොළඹිනුත් කස්ටිය ගිහිල්ලා... ඒකට පළාතෙ දේශපාලන ලොක්කො දෙතුන් දෙනෙක් ලොකු පෝරියල් එකක් දාලලු... කොළඹටත් කම්ප්ලේන් පිට කම්ප්ලේන්ලු.
මේ තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන හොයන්න පොහොට්ටු පාටියෙ ලේකම් තැන මාතර පළාතට ගිහිල්ලා පොඩි විමසුමක් කළාලු...
දැන් ඒ චාරිකාවත් අර්බුදේට තුඩුදීලා... ඒ ගැනත් කම්ප්ලේන්ලු...
මේ විදියට මනාප සටන් ඉහටත් උඩින් ගියාම ඒ නිසා පළාතෙ බොක්කෙන් පක්ෂයට වැඩ කරන මිනිස්සු අමාරැවෙ වැටිලා කියලයි ආරංචි.