2020 ජුනි 26 වන සිකුරාදා

ගින්න පත්තු කළ අය

 2020 ජුනි 26 වන සිකුරාදා, ප.ව. 03:24 488

රටේ ලොකුම බැංකුවේ කස්ටිය තමන්ගේ වැඩ අතපසු කළා කියලා ආණ්ඩුවේ ලොකු මහත්තයා එතන වගකිවයුත්තො ගෙනල්ලා පසුගිය දවසක හොඳටම දෙහි කැපුවා...

ඔන්න බොලේ ඊට දවසකට විතර පස්සේ දූෂමාන කටකතාවක් යන්න පටන්ගත්තා. මේ කතාවට විරෝධය පළ කරලා ලොකුම බැංකුවේ මහපුටුවේ ඉන්න මහත්තයා ගෙදර යන්න හදනවය කියලා.

එහෙම කතාවක් ප්‍රචාරය වුණත් මහ බැංකුවේ ලොකු මහත්තයා එවැනි තීන්දුවක් අරන් තිබුණේ නැහැ. ඒත් අර කතාව ගැන සැරේට ප්‍රචාරය වෙනකොට ආණ්ඩුවේ ඉහළම තැන්වලින් මේ ආරංචියට තටු ලැබුණේ කොහෙන්ද කියලා හොයලා බැලුවා...

එතකොට තමයි දැනගත්තේ මේ කතාව පැතිරෙව්වේ ලොකුම බැංකුවේ ඉන්න දෙතුන්දෙනෙක් විසින් බව... එයින් එක්කෙනෙක් මේ මහපුටුවට ඇහැ ගහගෙන ඉන්න පොරක්ලු. තවත් කෙනෙක් තමන්ට පාලනේ කරගන්න පුළුවන් කෙනෙක් මේ පුටුවට සැට් කරන්න දත කනවලු. කොහොමහරි දැන් මේ ගින්න පත්තු කළ කස්ටිය ඉහළින් හොයාගෙනලු... ඒ අයගේ වැඩ ගැන වෙනම ටෙලස්කෝප් එකක් හයිකරලා බලාගෙනලු ඉන්නේ...