2020 ජුලි 04 වන සෙනසුරාදා

වේදිකාවට ආපු ගෙදර වලි

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 644

අං - පාර පැත්තෙන් මේ පාර ඡන්දෙට එන අය අතරේ පසුගියදා ලොකුවට නම ප්‍රසිද්ධ වෙච්ච අම්මාන් කෙනෙක් ඉන්නවා.

උන්නැහේ අං - පාරෙන් ඡන්දෙට එනකොට උන්නැහේගේ හිටපු බිරින්දෑ මඩ-කලපුවෙන් ඡන්දෙට එනවා. ඒ දෙන්නම ඡන්දෙ ඉල්ලන්නේ තමතමන්ම හදාගත්ත පුංචි පක්ෂවලින්.

ඉතින් කොහොම නමුත් මේ දෙන්නා එකට ඉඳලා දැන් වෙන්ව ජීවත් වෙන නිසා දෙන්නට දෙන්නා නයාට අඳුකොළ මට්ටමින් කටයුතු කරන බවයි පේන්නේ. ඒක දැන් ඡන්ද වේදිකාවටත් ඇවිල්ලා කියන එකයි පුදුමෙට කාරණාව..

ඡන්ද වේදිකාවට නගින අං-පාරේ අම්මාන් දැන් වේදිකාවේදී කරනවය කියන්නේ මඩ-කලපුවෙන් ඡන්දයට ආපු තමන්ගේ හිටපු බිරින්දෑට දෙහි කපන එකලු...

මඩ-කලපුවේදී ඡන්ද වේදිකාවට නගින හිටපු බිරිඳ කරනවය කියන්නේ අං-පාරේ අම්මාන්ට දෙහි කපන එකලු...

මේ දෙන්නගේ දෙහි කැපිල්ල දැන් ඒ පළාතේ ජනතාවටත් තිත්ත වෙලාලු...

මේ දෙන්නගේ කතා අහපු මිනිස්සු මුන්ට පිස්සු පීකුදු වෙලා කියලා බැණ බැණ යන වෙලාවලුත් තියන බවයි ඒ පැත්තේ අය කියන්නේ.