වයඹ පළාතේ එක්තරා බලවත් දේශපාලුතුමෙක් තමන්ගේ හිතවත්ම පාක්ෂිකයන් අතරේ නිල් කාඩ් - රතු කාඩ් - කහ කාඩ් බෙදන්න පටන් අරන්ලු... එයා ආණ්ඩු පක්ෂයේ ඉන්න සෑහෙන ප්රබල පොරක්...
විශේෂයෙන් කඳුකරේ සීතලම දිස්ත්රික්කයෙන් නියෝජනේ කරන හිටපු මන්ත්රී සයිස් මහත්තයකුත් මේ වගේම අමුතු චිට් ජාතියක් බෙදන්න පටන් අරන්ලු... මේගොල්ලො මේක කරන්නේ ජනතාවගේ මනාපෙ ඉල්ලාගන්න කියලා තමයි ආරංචි.
මේ කාඩ්වලට තිබෙනවා විශේෂ වටිනාකමක්... චිට් එකටත් තිබෙනවා. ඒ වගේම වටිනාකමක්. ඒ කාඩ් අරගෙන මුන්නැහේලා පොට් එකකට ගියාම කාඩ් එකේ හැටියට යන කෙනාට බෝතලේ නැත්නම් බාගේ නැත්නම් කාල බැගින් හම්බුවෙන්නේ ඇඟ රත්කරගන්න කියලයි...
අපිට ආරංචි විදියට නිල් කාඩ් එකේ කොටුවක් කපලා බෝතලයකුත් රතු කාඩ් එකට බාගෙකුත් කහ කාඩ් එකට කාලකුත් ලැබෙනවා...
උඩරට අනිත් එක්කෙනා දෙන චිට්වලට ලැබෙන්නේ භාගෙ බෝතල් විතරයි...
කොහොමහරි මේක නැගලා යන මනාප ඇමක්. ඒත් වියදම නම් අධිකයි.. ඒ කොහොම වුණත් මේවා බෙදා දෙන අයට ඕවා හදන කොම්පැණිත් තියන නිසා වැඩේ අවුලක් නැතිලු.
මේ විදිහට ධනය ඇති අය සැර බීම බෙදනකොට වෘත්තිය පැත්ත ඒ හැටි ධනවත් නොවන දේශපාලුතුමන්ලා සිසිල් බීම බෝතල්වල තමන්ගේ නමයි අංකෙයි ගහලා ජනතාවට බෙදන්න පටන්අරන්ලු.
ඒක ලාභ ඡන්ද ඇමක් කියලයි ආරංචි.