2020 ජුලි 11 වන සෙනසුරාදා

තානායම් ජවනිකාවක්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1391

යහපාලන ආණ්ඩුවේ හිටපු ලොකු තැන එක්ක කොක්කක පැටලිලා හිටපු පුලතිසිපුරේ සිංහයා වගේ වැජඹුණු මන්තිරි තැනට පසුගියදාක හිටපු ලොකු තැන මුලිච්චි වුණා. ඒ පොළොන්නරුව තානායමේදීයි. එදා හිටපු ලොකු තැන විතරක් නෙවෙයි පුලතිසිපුරේ ඉන්න ආණ්ඩු පක්ෂයේ දේශපාලුතුමන්ලා සේරම වගේ තානායමට ඇවිත් හිටියේ දිවා භෝජනයටයි.

රටේ ලොකු මහත්තයා එයාලගේ ඡන්දෙට උදව් කරන්න එදා පුලතිසිපුරේට ඇවිල්ලා ජනතාව මුණගැසීමෙන් පස්සෙයි මේ දිවා භෝජනය සංවිධානය කරලා තිබ්බේ.

කොහොමහරි පසුගිය කාලෙ හිටපු ලොකු තැනට බරසාර විදිහට පෝරියල් දාන්න ගිය සිංහ උන්නැහෙත් එතන හිටියා. රටේ ලොකු මහත්තයා හිටපු ලොකු තැන එක්ක එක මේසේ කෑම කන්න ලෑස්තිවුණා. එතනට එන්න කියල සිංහ මන්තිරි තැනටත් ආරාධනාවක් ලැබුණා. ඊටපස්සේ දිවා භෝජනය ඉවර වෙලා කස්ටිය පිටවෙලා යන්න යනකොට හිටපු ලොකු තැන පසුගිය කාලේ තමන් එක්ක කොක්ක දාගෙන උන්න මේ තරැණ මන්තිරිවරයා ඉන්න තැනට ගිහිල්ලා &ආ කොහොමද සහෝදරයා* කියලා පිටට පොඩි තට්ටුවක් දැම්මා.

හැමෝම බලන් හිටියේ ඊළඟට මොකද වෙන්නේ කියලයි.

ඇත්තටම සිද්ධ වුණ දේ පුදුමයි. එච්චර කල් රටේ හිටපු ලොකු තැන එක්ක කොක්කෙ හිටපු සිංහ මන්තිරි තැන වහාම තමන් උන්න පුටුවෙන් නැගිටලා දෙකට නැමිලා හිටපු ලොකු තැනට ආචාර කළා.

රටේ ලොකු මහත්තයත් ඒක බලන් හිටියා. ඊටපස්සේ හිටපු ලොකු තැන තමන්ගේ වාහනේට නැගලා පිටවෙලා යන්න යනකොට උන්නැහේ එක්ක කතා කර කර පසුගමන් ගියෙත් සිංහ මන්තිරිතුමයි...

දේශපාලනේ සදාකාලික සතුරෝද - මිතුරෝද නැත කියන කියමන පොළොන්නරැවේ තානායමේදී තවත් වරක් ඔප්පු වුණා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00