පොහොට්ටු ජාතික ලැයිස්තුවට ගෝරි දාගන්න කලින් මොළේ කල්පනා කරපු බී.ආර්. උන්නැහේ වහාම තෝරාගත්ත කස්ටියගෙ නම් වැල මැකෝතුමාට භාර දුන්නා...
අනෙක් පක්ෂ වගේම උන්නැහේලත් තීන්දු කළේ ඡන්දෙ පැරදුණු අයට කවුන්සිලේට ලැයිස්තුව හරහා යන්න ඉඩ නොදෙන්නයි. එහෙම වුණාට ඒක දැන දැනත් ඌව පළාතෙ එක්තරා දේශපාලන පවුලක අපේක්ෂකයෙක් පළාතෙ හාමුදුරැවරැත් බස් එකක පටවාගෙන පොහොට්ටුවෙ නායක මහින්ද උන්නැහේ හමුවෙන්න ආවා කියමුකො....
මේ අපේක්ෂකයා කලක් මහින්ද උන්නැහේගෙ කන්තෝරුවෙ ලියන කියන වැඩ එහෙමත් කරපු කෙනෙක්...
හාමුදුරුවරුත් එක්ක ඇවිත් මහින්ද උන්නැහේට මේ ඉල්ලීම ඉදිරිපත් කළා විතරයි එයාට අසූහාරදාහට කේන්ති ගියා...
ඊටපස්සෙ මේ තරුණ අපේක්ෂකයට හොඳවයින් දේශනයක් දීල හාමුදුරුවරුන්ට දාන මානත් පිළිගන්නල ආපහු ගමට වඩින්න කිව්වා...
එයා විතරක් නෙවෙයි උඩරට පළාතෙ රැවුල්කාර දේශපාලන භවතකුත් තවත් දෙතුන් දෙනකුත් මෙහෙම තනතුරු ඉල්ලගෙන ආවා. ඒ කාටත් ලැබුණෙ එකම පෝරියල් එක...
ඕන නම් රටේ ලොකු මහත්තයා හම්බුවෙලා ඔය කියන තනතුරු ඉල්ලගන්න කියලත් මහින්ද උන්නැහේ ඒ අයට කිව්වා. ඒත් කිසිම කෙනෙක් රටේ ලොකු මහත්තයා හමුවෙලා තනතුරැ ඉල්ලන්න නම් ගියේ නැහැල්ලු.