දේශපාලනෙන් සමුගන්න අය කිහිපදෙනෙක් ගැන පසුගිය කාලේ මාධ්‍ය වාර්තා පළවුණා. සමහරු සමුඅරන් ව්‍යාපාර කරනවලු. තවත් සමහරු උසස් අධ්‍යාපනේ කරනවලු...
තවත් අය ස්වාධීනව ඉන්නවලු. ඔන්න ඔය වගේ කතා තමයි සමුගන්න අය කිව්වේ. මෙහෙම සමුගන්න හුඟදෙනෙක් විපක්ෂයේ අය වීමත් විශේෂයක්.
පසුගිය කාලේ සමගි බලවේගේ යුද සේනාවක සිංහයෙක් වගේ වැජඹුණු කොළඹ පැත්තේ එක්තරා ඇමති භවතෙක් හිටියා.
අගමැති මහින්දට පවා තමන් සමඟ එනු සටනට කියමින් සිටි තරුණයෙක් වන මෙතුමා මේ පාර ඡන්දෙන් පැරදුණා. මේ පරාජයත් එක්ක උන්නැහේගේ සිහින මාලිගාව කඩාවැටුණා. එයා කියන විදිහට දැන් රටේ මුල් පුටුවේ ඉන්න කෙනා තවත් කාලයක් ඉඳීවිලු...
ඒ නිසා තමන් ටික කලක් ස්වාධීනව ඉන්නවය කියලා කියමින් වෙනත් දේශපාලන පිම්මක් පනින්නයි එයා සූදානම් වෙන්නේ.
එයාට සමීපතම අය කියන හැටියට එයා කවදාවත් ස්වාධීනව ඉන්නේ නැතිලු. උන්නැහේගේ ඊළඟ ඉලක්කේ (රෝස) නෝනගේ පුටුවට නැගගැනීම කියලයි ආරංචි.
පසුගිය කාලේ (රෝස) නෝනා අධිපතිකම් කරන සභාවේ ඇතිවුණ විවිධ ප්‍රශ්න නිසා කොළ පාට ඡන්ද පදනමක් තියෙන අගනුවර මහ නගරේ ලොකු පුටුවට නැගගැනීම ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් කියලයි එයා හිතන්නේ...
ඒ නිසා එයා ඊළඟ ටවුන්සභා ඡන්දෙට එන්න පිඹුරුපත් සකස් කිරීම දැන් කොළඹ 7 නිවෙසකදී සිදු කරමින් ඉන්නවලු....