උතුරු සන්ධානෙන් තේරී පත්වුණ නැගෙනහිර පළාතේ මන්ත්‍රීතුමෙක් මේ දවස්වල පොහොට්ටුව එක්ක වැඩිපුර ආශ්‍රය කරන බවට චෝදනාවක් නැගිලා.
මෙයා පාර්ලිමේන්තු එන හැම දවසේම තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම එක්ක නොරැඳී පොහොට්ටුවේ මිතුරන් සමඟ ගැවසෙන එක පක්ෂයේ ලොකු ලොක්කන්ට අල්ලන්නෙම නැතිලු.
මෙයාට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම හොඳට කතා කරන්න පුළුවන් වීමත් සිංහල ඥාතීන් සිටීමත් නිසා මෙයා පොහොට්ටුව පැත්තට කරණමක් ගහන්න යනවද කියලා පාටියේ ලොකු ලොක්කන්ට සැකයක් ඇතිවෙලා.
අන්තිමේදී මේ ගැන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂ නායක සම්පන්දන් උන්නැහේටත් පැමිණිලි කළා. එයත් අපි ඒ ගැන හෙමින් බලමු කියලා එයා උත්තර දුන්නලු.
මෙයට කලින් නැගෙනහිරින් පත්ව සිටි වියලේන්ද්‍රන් උන්නැහෙත් අන්තිමට නැවතුණේ පොහොට්ටුවේ නිසා වහාම මෙයා ගැන පියවරක් ගතයුතුය කියන එකයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස. මෙයා විතරක් නෙවේ උතුරෙන් පත්වුණ දෙමළ සන්ධානේ තවත් ප්‍රබල නායකයෙකුත් ආණ්ඩුවේ ඉහළ තැන්වල අය මුණගැහිලා කතාබහ කළ වගටත් ආරංචියක් ගියා.
මේ කතා නිසා උතුරු සන්ධානේ මුල් පුටුවල ඉන්න සමහරු හුඟක්ම කලබල වෙලාලු ඉන්නේ.