2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

ඇම ගිලීම

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 759

මේකත් 20ටම සම්බන්ධ අපූරු කතාවක්...

බස්නාහිර පළාතෙ එක්තරා දිස්තිරික්කයක් නියෝජනය කරන දැන උගත් දේශපාලුතුමෙක් හැටියට පිළිගත් මහත්තයෙක් ඉන්නව.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජැන්ඩියට අඳින හොඳ කතාකාරයෙක් වන උන්නැහේ 20 එන්නත් කලින් ඉඳලම ආණ්ඩුව එක්ක කොක්කක තමයි හිටියෙ. සමහරු කිව්වෙ ඒක තනතුරු ප්‍රශ්නයක් කියල තවත් අය කිව්වෙ හර්දය සාක්කිය ගැන ප්‍රශ්නයක් කියලයි... කොහොම හරි මුන්නැහේ 20ට ඇද්දෙ කොක්කමයි. 20 විරෝධී ව්‍යාපාරයෙ සමහර ස්වාමීන් වහන්සේලටත් උන්නැහේ අනුශාසනා කළ බව තතු දත් අය කියනව...

ඒත් එයා ආණ්ඩුව එක්ක 20ට ඡන්දය දෙනවය කියල පොරොන්දු වුණා. නමුත් අන්තිම දවසෙ ඡන්ද විමසීම කිට්ටු වෙනතුරු එයා කවුන්සිලේ පැත්තෙ දකින්න හිටියෙ නැහැ. කතාවක් තිබුණ ඒකට ආවෙත් නැහැ....

මේ බව දැනගත්ත ආණ්ඩුවෙ ලොකු ලොක්කො හතර වටේම පීරල සොයාගන්න බැරි තැන මෙයාට දුරකතනයෙන් කතා කරල නම්ම ගන්න පට්ටල් කළේ මහනුවරින් ආපු (මහීට)ලු...

(මහී) සුපුරුදු විදියට ටෙලිෆෝන් කර මෙයාගෙන් කරුණු කාරණා ඇහුවම එයා ඡන්දෙට නොඑන තත්ත්වයක් තමයි කියල තියෙන්නෙ. කොහොම පෙරැත්ත කළත්  බෑම කියනකොට ඔන්න (මහී)ට තැනට සුදුසු නුවණ පහළ වුණා... ඊටපස්සෙ එයා කෙළින්ම මේ පිංවතාට ඡන්දය දුන්නොත් කරන දේ ගැන ගණන් ඉලක්කම්වලින් පැහැදිලි කළා...

හැබැයි... ඒ යුතුකම් ඉෂ්ඨ වෙන්නෙ ඡන්දය දුන්නට පස්සෙ බවත් එයා කීවලු... ඒ පාර අර පිංවතා අදිමදි කරල හොඳයි මම ඇවිත් ඡන්දය දෙන්නම්... ඊට පස්සෙ අදම අනිත් දේවල් සිද්ධ වෙන්න ඕන කියල කීවලු...

“හරි හරි පැයෙන් වැඩ සිද්ධවෙයි... ඔයා ඔයාගෙ වැඩේ කරන්නකො“ (මහී) කිව්ව. ඒ පාර අර පිංවතා කවුන්සිලේට ඇවිත් ඡන්දය කාරිය දීල යුතුකම් ඉෂ්ඨ වෙනකම් බලන් හිටියට වැඩේ නම් සිද්ධ වුණේ නැහැ... (මහීල) හිටියෙ මුකුත් සිද්ධ නොවුණ ගානටලු.... අන්තිමේ අර පිංවතා යුතුකම් ඉටුවනතෙක් බලන් ඉඳල ඉඳල යන්න ගියේ බොහොම හිතේ අමාරුවෙන්. ඊට පස්සෙ තමයි එයාට තේරුණේ මේක නාට්‍යයක් බවත් තමනුත් නොදැනම ඔය නාට්‍යයේ චරිතයක් රඟපාපු බවත්....

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00