මේ කතාව අත පාටියට උතුරෙන් පාත්වෙච්ච ලැයිස්තු මන්තිරිතුමෙක් ගැනයි.
උතුරු පළාතෙ තිබෙන එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක අලුත් පර්යේෂණාගාරයක් හැදුව... ඒක විදේශ රටවල මැදිහත්වීමෙන් කළ වැඩක්.
සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන ආයතනයක මේ වගේ පර්යේෂණ මධ්‍යස්ථානයක් හැදුවාම ඒක විද්වතුන් එකතුවෙලා තමයි විවෘත කරන්නෙ.
ඒ විදියට උතුරෙ හදාපු පර්ෙය්ෂණාගාරෙත් විද්වතුන් විසින් විවෘත කරන්න දින නියම කළා. පිටින් එන්න තිබුණෙ ආධාර දුන්න රටේ තානාපති තැන පමණයි.
ඔන්න මේ වැඩේට සේරම කටයුතු ලෑස්ති කරල ආරාධනා පත්තරත් යැව්වට පස්සේ උතුරෙන් පත්වුණ ලැයිස්තු මන්ත්‍රී තැනට මේක ආරංචි වුණා.
ආණ්ඩුවෙ ඉන්න අපි නැතුව කොහොමද මේක විවෘත කරන්නෙ කියල කියපු මන්ත්‍රී තැන... වහාම ආයතන පාලක මණ්ඩලේට කතාකරල ආරාධනා පත්තරේට තමන්ගෙ නමත් ඇතුළත් කරන්න නියම කළාලු....
මේක දේශපාලන උත්සවයක් නොවන බව පාලක මණ්ඩලේ උදවිය කිව්වත් ඒ කතාව මන්ත්‍රී තැන භාර ගත්තෙ නැහැ...
අවසානෙ උන්නැහේගෙ ඉල්ලීම ඉටුකරනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැති තැන බෙදාපු ආරාධනා පත්තරේ අවලංගු කරල මන්ත්‍රී තැනගෙ නම ඇතුළත් ආරාධනා පත්තරයක් මුද්‍රණය කළා... ඒකට ගිය වියදම විශාල ගණනක්ලු...
ඒක පියවන්නන් විදිහක් නැත්තෙ ආරාධනා පත්තර දෙකකට මුදල් වෙන්කරල නොතිබීම නිසා කියලයි තතු දත් අය කියන්නෙ.
දේශපාලකයන්ගෙ මෙබඳු ලෙඩවලට බෙහෙත් නැති නිසා මේ ගැන තීන්දු ගත්ත පාලක මණ්ඩලේ උදවිය දැන් අමාරුවෙ වැටිල කියලත් ආරංචියි.