2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

මෙහෙව් අයටත් ශිල්ප සෑදේ

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 605

සමහර ලොකු තනතුරුවලට පත්වෙන අය ඉන්නෙ වල්ගෙ පාගාගෙනලු.... මේකත් ඒ වගේ කෙනෙක් ගැන කතාවක්. ඈත දුර කඳුකර පළාතෙ මහ දිසාපති පුටුවෙ වාඩිවෙලා ඉන්නෙ නෝනා කෙනෙක්.

ඉතින් මේ දිස්තිරික්කෙ ඉතාම දුප්පත්ම ගමකට පසුගියදාක පැමිණි රටේ ලොකු මහත්තය ගමේ ජනතාවට අත්‍යවශ්‍ය වන ප්‍රධානම සංවර්ධන කටයුතු පහක් වහාම ඉටුකර දෙන හැටියටත්, ඒවාට අවශ්‍ය වියදම් රජයෙන් සපයන හැටියටත් නියම කළා.
මෙතෙන්දි සමහර නිලධාරී මහත්තුරු චක්‍රලේඛන ගැනත් කතාකරල ලොකු හාහූවක් ගියා වගේ අපට මතකයි...

කොහොම හරි මේ නියෝග දීල මාස දෙක තුනකින් ඒකෙ වැඩවල ප්‍රගතිය විමසමින් ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවකින් පළාතෙ දිසාපති තැනට ලියුමක් ලැබුණලු....

සාමාන්‍යයෙන් පළාතෙ දිසාව භාරව ඉන්න අය ඒ ගැන සොයාබලා තත්ත්වය ඉහළට වාර්තා කිරීමයි පිළිගත් සම්මත ක්‍රමය. නමුත් මේ දිසාව භාරව ඉන්න නෝන මහත්තය ඒ ගැන ගත්තෙ අපූරු පියවරක්. එතුමිය වහාම තමන්ට මේ සංවර්ධන වැඩවල ප්‍රගතිය වාර්තා කරන්න කියල කොළඹ මහා භාණ්ඩාගාරෙ ලොක්කට ලියුමක් ලියපි....

දිස්තිරික්කෙ දිසාපති තමන්ගෙ පළාතෙ සංවර්ධන වැඩවල ප්‍රගතිය මහා භාණ්ඩාගාර ලොක්කගෙන් අහන්නෙ කාගෙ ඔළුව ඔල්මොරොන්දම් වෙලාද කියල ආණ්ඩුව දැන් හොයාබලන්න පටන් අරන්ලු....

දිසාවක මහා බලසම්පන්න පුටුවෙ වාඩිවෙලා ඉන්න මේ වගේ උදවිය කරන මෙවැනි මොන්ටිසෝරි වැඩ දැක්කම “මෙහෙව් අයටත් ශිල්ප සෑදේ” කියන පැරණි කියමන අපට ඉබේම මතක් වුණා.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00