2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කල් බැලීම

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 695

මේක අපූරු කතාවක්. පසුගිය මහ ඡන්දෙට තරග කළ එක්තරා කටකාර චරිතයකට දියවන්නාවට එන්න මනාප මදිවුණා. එයා ඉන්නෙ විපක්ෂයේ කිව්වොත් වරදක් නැහැ.

ඡන්දෙ ඉල්ලපු දිස්ත්‍රික්කය කියන එක සාධාරණ නැහැ කියල හිතෙනව... ලැබුණ ඡන්ද ප්‍රතිඵලේ හැටියට එයා දියවන්නාවට නොතේරුණු අයගෙ ලැයිස්තුවෙ උඩම තැනක තමයි ඉන්නෙ....

මේ දවස්වල එයා ඉන්නෙ දෛවය පිළිබඳ අනාවැකි බලමින් ඇඟිලි ගැන ගැන කියල එයාට සමීප අය කියනව.

ඒකට හේතු දෙකක් තියෙනව. පළමු හේතුව තමයි ඔය කියන දිස්ත්‍රික්කෙන් දියවන්නාවට තේරුණ එක චරිතයක් බරපතළ නීතිමය කේස් එකකට කොටුවීම. අනිත් එක්කෙනා කවුන්සිලේට එන්න තරම් “ෆිට්” එකේ නොසිටීම...

ඉතින් මේ නෝන හිතන විදියට වැඩ සිද්ධ වුණොත් එයත් ගොඩ තමයි කියලලු හිතන් ඉන්නෙ. ඒත් අපි හිතන හුඟාක් දේවල් ගැන අවසන් තීන්දුව ගන්නෙ උඩ ඉන්න තුන්වැනියෙක් නිසා මේව මෙහෙමම සිද්ධ වේද කියල කියන්න නම් අමාරැයි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00