2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

පෙටි කෑෂ්

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 865

ඉන්දියන් සාගරේ පේන මානෙ තියෙන එක්තරා අමාත්‍ය අංශ සයිස් කන්තෝරුවක දේශපාලන බලධරයා වෙනුවෙන් දවසකට රුපියල් ලක්ෂ 20ක් විතර සුළු මුදල් (පෙටි කෑෂ්) වියදමක් වෙන්කරලා තිබෙනවලු...

උන්නැහේ වෙනුවෙන් ඒ මුදල ලබාගන්නෙ එක්තරා නිලධාරි සයිස් මහත්තයෙක්. ඒකට අදාළ බිල්පත් එහෙම නිසි වෙලාවට සපයනවලු....

හැබැයි මේ ගනුදෙනුව ගැන ආයතනෙ භාරව ඉන්න ලේකම් තැනල වගේම ඒ ආයතනෙ ඉන්න සෙසු ප්‍රධානීනුත් කැළඹිලා ඉන්න බවයි ආරංචි... රජයේ මුදල් රෙගුලාසිවලට වඩා දේශපාලන බලධරයන්ගේ “රෙකුලාසි” බලවත් නිසා හැමෝම කටවහන් ඉන්නවලු.

නමුත් වගකිවයුතු බලධරයො මේ කතාව රහසිගතව ලොග් පොත්වල ලියල ඉහළම තැන්වලටත් කියලලු තියෙන්නෙ. මේ ජරමර නිසා ඔය කන්තෝරුව යටතේ තිබෙන වැදගත්ම ආයතනෙ ප්‍රධානියෙකුත් අලුත් රස්සාවක් හොයන්න පටන් අරන් කියල ආරංචියි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00