පසුගිය දවසක වතුකරේ තරුණ තොණ්ඩමෑන් තුමා මහින්ද ලොකු මහත්තය හමුවෙන්න අරලිය මැඳුර පැත්තට ආවා...
උන්නැහේ ආවෙ පරණ පත්තර මිටියකුත් කිහිළි ගන්නාගෙන. මහින්ද ලොකු මහත්තය ළඟට බොහොම බය පක්ෂපාතව ගියපු මේ තරැණ තොණ්ඩමෑන්ගෙන් ආගිය තොරතුරු කතා කරන අතරෙ ලොකු තැන ඇහුව මොකද මේ පත්තර මිටියකුත් කිහිල්ලෙ ගහගෙන තකහනියක් ආවෙ කියල...
ඒ ප්‍රශ්නයට ඇඹරි ඇඹරි උත්තර දුන්න තොණ්ඩමෑන් මෙහෙම කිව්ව.
“අනේ බලන්නකො සර්.... මේ පත්තරවලින් මට දිගටම පහර ගහනවනෙ.... මේ පත්තරවලින් මෙහෙම ගහන්න ගියාම මට වතුකරේ වැඩකරගන්න හරිම අමාරුයි. ඉතින් මම සොයල බැලුව මේ පත්තර කරන අය ගැන... එයාල සර් හොඳින්ම දන්න යාලුවො... ඒ හින්ද සර් ඔබතුමා එයාලට කතා කරල මේ ප්රශ්නය බේරල දෙන්න...”
තොණ්ඩමෑන් ආයාචනා කළා.
ඒ පැමිණිල්ලට මහින්ද මහත්තයට කට කොනකින් හිනා ගියා. ඊට පස්සෙ එයා මෙහෙමයි කිව්වෙ.
“ළමයො දේශපාලනේ කරනවා නම් විවේචනෙත් ඉවසන්න පුරුදු වෙන්න. බලන්න මට කොච්චර ගහනවද? පත්තරකාරයන්ගෙ රස්සාව අපි කරන වැරදි හොය හොයා විවේචනේ කෙරිල්ල. ඒක නවත්තන්න අමාරුයි. ඒ හින්ද ඔයා එයාල කරන විවේචනවලින් හැදෙන්න බලන්න. වැරදි සිද්ධ නොවෙන්න දේශපාලනේ කරන්න... එතකොට එයාලට කියන්න දෙයක් නැතිවේවි. ඒ වගේම මම වගේ මාධ්‍යයත් එක්ක සුහදව වැඩකරන්නත් ඉගෙන ගන්න...” මහින්ද ලොකු මහත්තය කිව්ව.
එයාගෙ ජනමාධ්‍ය පාඩම අහගත්ත තොණ්ඩමෑන් “හොඳමයි සර්” කියල පත්තර මිටියත් අරන් ආපහු යන්න ගියා...