යකඩ යකා භාර දෙපාර්තමේන්තුව පාලනේ කොරන්න අලුතෙන් කෙනෙක් හොයනවලු... දැන් ඉන්න ලොක්ක විශ්‍රාම ගැනීම නිසයි අලුත් කෙනෙක් සොයන්නෙ...
ඉතින් මේ ගැන සොයමින් ඉන්න බලධාරීන්ට කොක්ක ගහලා මේ තනතුරට සෙට්වෙන්න පොරක් හීන් නූලෙන් වැඩ පටන් අරන් කියලයි ආරංචි...
එයා මේ දෙපාර්තමේන්තුවෙ ඔය කියන ලොකු පුටුවෙම කලකට පෙර වාඩිවෙලා හිටපු (වීරයෙක්) කියලයි ආරංචි.... එයා මේකෙ ඉන්න කාලෙ කරපු සමහර ජරමර ගැන තවමත් පැරණි අයට මතකයි...
පසුගිය යහපාලන කාලෙ උන්නැහේ ඒ පැත්තට සෙට්වෙලා එක්තරා දුම්රිය ව්‍යාපෘතියක් පටන් ගන්න යෝජනා කළාලු. ඒකට පිටරට එක්ක ගිවිසුමකුත් ගැහුවලු. සල්ලිත් ගියාලු. ඒව කොහේ ගියාද කියල කවුරුවත් දන්නෙ නැහැ කියලා කියනවා.
කොහොමහරි දැන් ආණ්ඩුවෙ ඉන්න එක්තරා දේශපාලන ලොක්කෙකුට සැට්වෙලා මේ පොරෙ මෙතෙන්ට එන්න හදනවය කියලා ලොකු හාහූවක් යනවා...
ඒක රටේ මහ තක්සේරුවටත් දැනගන්න ලැබිලා. එහෙත් කරපු විපරම් කිරීමකදී මෙයාගෙ කැරැට්ටුව එළිවෙලා. මහ කන්තෝරුවෙනුත්, මේ දුම්රිය (වීරයට) දැඩි විරෝධයක් ඇවිත්...
ඒත් මිනිහ නෙවෙයිලු උත්සාහය අතෑරල තියෙන්නෙ. පළවෙනියාගෙන් බැරිනම් දෙවැනියාගෙන් හරි මේක කරගන්නව කියල එයා පාරම්බානවලු. එයා මේකට මේ තරම් උනන්දු උන්නැහේ මේකෙ රස දන්න නිසා කියලා ඇතුළෙ සේවකයො කියනවා.