දුරකථන පාටියේ තිස්ස එදා සංවත්සර වේදිකාවේ කෑගහලා කිව්වා අලිපාටියේ ලොක්කා දිනන්න ඕන කියලා. මේක වැරදිලා කියවුණාට හැම තැනම ප්රචාරය වුණේ සංවත්සරයේ හොඳම කෑල්ල හැටියට මේක. ඉතිං මුළු සංවත්සරයටම තිබ්බ අවධානේ මැකිලා ගියා කියලයි ඇතුළේ කට්ටිය කතාවෙන්නේ.
කට්ටිය මේ අස්සේ කියනවලු එයා එහෙම කළේ පොඩි මාර්කටින් වැඩකට කියලා. මොකද එදා හැම මීඩියා එකේම ලොක්කට පස්සේ එයාගේ කතාව විතරලු ගියේ. කොහොම වුණත් මේ කතාව ගැන හැමෝටම එක එක කතා කියද්දී ඒ කතාව කිව්ව කෙනා මේ ගැන කිව්වේ මෙහෙමලු.
“අනේ ඒ කතාව කොච්චර හොඳද. ඒ කතාව නිසා හැම චැනල් එකේම සංවත්සරය පෙන්නුවා. ආණ්ඩුවේ ඒවාවලත්. මම තමයි හොඳටම සංවත්සරය ප්රචාරය කරලා දුන්නේ.”