වයඹට අයිති වෙන්න-අප්පුව ආණ්ඩුව නියෝජනේ කරන දේශපාලන බලවතෙක් ඉන්නව. කාලවර්ණ දේහධාරී මේ ප්රබලය පළාතෙ ඉන්න හොඳ මිනිස්සු වගේම චණ්ඩි බණ්ඩි එක්කත් මිත්රයි. ඒ නිසා මෙයාගේ බෙල්ල ගියත් ජරමරවලට පැටලෙන සමහරු බේරගන්න පපුව දෙන තරමට මෙයා කැපවෙලාලු ඉන්නේ.
ඉතින් ඒ පැත්තට ගිය නීතිය අකුරට රකින පොලිස් ලොක්කෙක් පහුගිය කාලේ පුරාම ඒ පැත්තේ කසිප්පු, කුඩු, ගංජා වගේ නීතිවිරෝධී වැඩ කරන රැලක් අල්ලන්න පටන් ගත්ත. මේ අල්ලන ගොඩක් අය අර කළු උස මහත දේශපාලකයගේ මිතුරොලු. ඉතින් එයා මේ නීතිය රකින නිලධාරියා එක්ක පැටළුණා. දෙන්නගේ මේ හැප්පීම නිසා අවසානයේ දෙන්නා නයි වෛරක්කාරයෝ වෙලාලු. ඒ ගෝලබාලයෝ හින්දයි. අවසානයේ මේක බලය පිළිබඳ සටනක් වෙලා අන්තිමේදී සටනින්. දැන් දිනලා තියෙන්නේ දේශපාලන බලවතාලු ඒ සමග අර නීතිගරුක නිලධාරියා කොළඹට එවලලු. ඒකට හේතුව මෙයා හැමතැනම ගිහින් කරපු ඉල්ලීම් බවත් ආරංචියි. කොහොම වුණත් ගමේ මිනිස්සු මේ ගැන ඔරොප්පුවෙන් ඉන්නෙ. එයාල කියන්නේ මේ කරපු දේට ඔය බලවතාට කතිරෙන් පාඩමක් කියා දෙනවා කියලා.