2021 මාර්තු 27 වන සෙනසුරාදා

අමුතු අමුත්තෝ

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 657

එක්තරා මාධ්‍ය සගයෙක් ලියූ පොතක් දොරට වැඩීම පසුගියදා කොළඹ කිට්ටුව තියෙන නගරෙකදි සිද්ධ වුණා. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබල තිබුණෙ ආණ්ඩුවෙ ඉන්න (සබ්‍රි) තුමා...

ඉතින් උන්නැහේ භාරගත්ත ආරාධනාව අනුව අදාළ දවසෙ නියම වෙලාවට උත්සව සභාවට ගියා. එයා ගිහිල්ල මුලසුනේ අසුන් ගත්තම එයා දෙපැත්තෙ තිබුණු පුටු දෙකේ තවත් දෙන්නෙක් ඇවිල්ල අසුන් ගත්තලු...

ඒ රිෂාඩ් තුමා සහ හකීම් තුමා. පවතින තත්ත්වයෙ හැටියට ඒ අය එක්ක අසුන්ගෙන ඉන්න එක මාධ්‍ය කස්ටියට හොඳ පුවතක් වුණාට (සබ්‍රි) තුමාට අපහසුවක් දැනුණු බවයි පෙනුණෙ...

ඒ නිසා උත්සව සභාව හමාර වෙනකම් ඉන්න ආපු උන්නැහේ ඉතාම සුළු වෙලාවකින් එතනින් සමුඅරන් පිටත් වුණාලු...

ඊටපස්සෙ උන්නැහේගෙ හිතවත් කෙනෙක් උත්සව සංවිධායකට කතා කරල කරපු වැඩේ ගැන ලොකු දෝස්මුරයක් දැම්මලු.

කොහොමහරි එල්ල වුණු විරෝධය ලොකු නිසා ඒ අවස්ථාවෙ ඡායාරූප ආදියත් වැඩිය මාධ්‍ය පැත්තට ආවෙ නැති බවයි තතු දත් අය කියන්නෙ.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00