2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

කපුකමක්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 655

ආණ්ඩුවේ පසු පෙළ උදවියගෙන් නොසෑහෙන්න බැණුම් අහපු පංච ආයුධ බලයක් තියෙන බලවතයි දුරකථන පාටියේ ඉන්න 43 කණ්ඩායමේ ලොක්කයි එකතු කරන්න එක්කෙනෙක් මේ දවස්වල දත කාගෙන වැඩලු නොයෙක් සාකච්ඡාලු. එයා එක්ක යහපාලනය ගේන්න හදපු සිවිල් සංවිධාන දෙක තුනක කස්ටියකුත් ඉන්නවලු. කොළඹ පන්සල් දෙක තුනකින් මේ එකතුවීම ගැන මේ දෙන්නටම දැනුම් දීලා කියලයි ආරංචිය.

ඒත් මේ දෙන්නට දෙන්නගෙ අභිමානය නිසා වැඩේ ටිකක් අමාරු වෙලාලු තියෙන්නේ. ඒ ගැන දෙන්නගෙන් කිසිම ප්‍රතිචාරයකුත් නෑලු. මේ දෙන්නම එකම කාලේ දේශපාලන ගමනක් ආපු නිසා මේ දෙන්නගෙම යාළුවෝ පුදුම උත්සාහයක් ගන්නවලු අනාගත නායකයෝ දෙන්නෙක් හැටියට මේ දෙන්නව එක මේසෙකට ගේන්න. ඒත් ඒක ලේසි නෑලු. ඒකට හේතුව මේ දෙන්නගේ එකතුවට අකැමැති කට්ටියක් මේ දෙන්නට එක එක කේලම් කනේ තියන එකලු. කොහොම වුණත් ඉක්මනින් මේ දෙන්නා මූණට මූණ එක මේසයකට ගෙන්නන්න කියලලු වැඩේ කරන අය හදන්නෙ.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00