2021 මැයි 01 වන සෙනසුරාදා

අමුතු ගමනක්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1088

පහුගිය දවසක හිටපු ලොකු නෝනා බලන්න එතුමියගෙ වලව්වට අමුත්තෙක් ආවලු. පරණම අත පාටියේ සාමාජිකයෙක් වෙච්ච මෙයාට ලොකු නෝනාගේ වලව් පරම්පරාවට නෑකමකුත් තියෙනවලු. දැන් රාජපක්ෂලට පස්ස හරෝලා පාටත් වෙනස් කරලා මැතිසබේ ඉන්න මෙයා කළුතර සිංහයෙක් කියලයි ආරංචිය.

මාලවලට සම්බන්ධ නෝනෙක් එක්ක ගිය මේ ගමන ගැන එයා අලුතින් ඉන්න පාටියෙ ලොකු ලොක්කොත් දන්නවද කියලා ආරංචියක් නෑලු. හදිසියේම මෙයා ගිය හේතුව ගැන හැමෝම ඇහැ ගහගෙනලු ඉන්නේ. කොහොමහරි කනින් කොනින් ආරංචි හැටියට අද රටේ දේශපාලනයයි, අනාගත දේශපාලනයි ගැනලු කතා කළේ. අනාගත සිහිනයක් ගැනත් විශේෂයෙන් කතා වුණා කියලා ආරංචි පැතිරෙනව. හැබැයි කළුගං සිංහයා නෙමෙයිලු ඒ ගැන කටක් හොල්ලන්නේ.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00