2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

හිනාවට තෑග්ගක්

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 537

බස්නාහිර පළාතෙ කොළඹට කිට්ටු දිසාවක් නියෝජනය කරන දේශපාලනයේ අලගිය මුලගිය තැන් දන්න රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ ජනතාවගෙ එදාවේල සම්බන්ධයෙන් වගකියන ආණ්ඩුවෙ එක්තරා හවුල්කාර පක්ෂයකින් පත්වූ ඇමැති කෙනෙක් කිව්වොත් වරදක් නැහැ.

මෙතුමාගෙ නිල නිවාසය තිබෙන්නෙ කොළඹ හතේ.. ඉතින් ඊයෙ පෙරේදා දවසක උදෑසන මුන්නැහේ ව්‍යායාම පිණිස ඇවිදින්න නිදහස් චතුරස්‍රය අසල තිබෙන මංතීරුවට සම්ප්‍රාප්ත වුණා. හැමදාම මෙතනට ඇවිදින්න එන මැති ඇමැතිවරු ගොඩක් ඉන්නව.. එහෙම එනකොට කවුරුවත් තමන්ගෙ ආරක්ෂක නිලධාරින් එහෙම එතනට එක්ක එන්නෙ නැහැ...
හැමෝම සාමාන්‍ය ජනතාව එක්ක සුහදව කතා බස් කරමින් තමයි ව්‍යායාමයට ඇවිදින්නෙ...

ඉතින් අපි මේ කියන රාජ්‍ය ඇමැති භවතත් මේ විදියට තනියම ඇවිදින්න ආව... ඇවිල්ල ඇවිදගෙන ගෙන යනකොට එක්තරා තරුණ කණ්ඩායමක් ව්‍යායාම කරල හමාරවෙලා මංතීරුව අසල කතා බස් කරමින් ඉන්නව දැක්ක... එයාල ළඟින් ඇවිදගෙන යන්න ආපු ඇමැතිතුමා එයාල එක්ක සුහදව සිනහ වුණා...

එයා අර තරුණ පිරිස එක්ක හිනා වුණා විතරයි තරුණ කස්ටියට මල පැන්නා.

මල පැනල ඇමැති තැන ඉස්සරහට ඇවිල්ල ආණ්ඩුව ගැනත්, බඩු මිල ගැනත් කියමින් ඇමැතිතුමාට දෙස් දෙවොල් තියන්න පටන් ගත්තලු... ඒත් ඇමැතිතුමා කතා කළේ නැහැ. උත්තර දෙන්න ගියෙත් නැහැ...

හිනාවෙන්න ගිහිල්ල සිද්ධ වුණු හදියක් කියල සිතමින් උන්නැහේ එතනින් මාරු වුණා. උන්නැහේ ඈතට යනකම්ම තරුණයො එයාට බණිනව අහල පහල හිටපු අයට ඇහුණා.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00