උතුරු සන්ධානෙ ලොකු ලොක්කො කස්ටියක් ඉන්දියාවෙ ලොකු මහත්තය හම්බුවෙන්න කාලයක් තිස්සෙම ඉල්ලීම් කරමින් ඉන්නේ.
ප්රමාද වෙමින් තිබුණ මේ ඉල්ලීම පසුගියදා හදිසියෙම පිළිගත් ඉන්දියාව උතුරු සන්ධානෙ ලොකුම තුන් හතර දෙනාට ඉන්දියාවෙ ලොකු තැන හමුවෙන්න වෙලාවක් වෙන්කරල එන්න කිව්ව...
ඒ පාර උතුරු සන්ධානෙ ලොකු තැන එන්න තවත් දෙතුන් දෙනෙක් කොළඹ තියෙන ඉන්දීය තානාපති අංශෙන් වීසා ඉල්ලුව කියමුකො...
වීසා ඉල්ලන්න පාස්පෝට් දුන්නම උතුරු සන්ධානෙ ලොකු තැන ඇතුළු කිහිප දෙනෙක්ගෙම පාස්පෝට් කල් පැනල අවලංගු වෙලා තිබුණා... ඒ හින්ද එයාලට වීසා ලැබුණෙ නැහැ. ඒ නිසාම ඉන්දීය ගමන නියම දවසට කරගන්න බැරි වෙන බව පෙනුණා...
නමුත් මේ ඇත්ත කතාව අල්ලපු රටට කියන්න අමාරු නිසා එයාල වෙන අමුතු කතාවක් කිව්වලු. ඉන්දියාවට ගන්නා කණ්ඩායමේ ලොක්කෙගෙ පුතාගෙ විවාහ මංගල්ලෙ ඔය දවසට යෙදිල තියෙන නිසා මේ හමුව සතියකින් කල්දාන්න කියලයි උතුරු සන්ධානෙ ලොක්කො අල්ලපු රටට කිව්වේ....
එහෙම කියල දැන් එයාල ලහි ලහියේම තම තමන්ට පාස්පෝට් ගන්න පාස්පෝට් කන්තෝරු යන බවයි ආරංචි.