2017 මැයි 06 වන සෙනසුරාදා

අවුරුදු දෙකටම එක රස්සාවයි

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 359

ආණ්ඩුවෙ තරුණ කැබිනට් ඇමැතිතුමෙක් ඉන්නවලු... උන්නැහේට ගතවෙච්ච අවුරුදු දෙකටම තමන්ගෙ ඡන්ද කොට්ඨාසෙ රස්සා නැති අයගෙන් රස්සා දෙන්න හම්බවුණේ එකම එක තැනැත්තටලු.

පසුගිය කාලෙම උන්නැහේ තමන්ට තමන්ගෙ ඡන්ද දායකයන්ගෙ මූණවත් බලන්න බැහැ කියල අඳෝවැඩියා කිය කියයි හිටියෙ.

පුදුමෙ කියන්නෙ උන්නැහේ තමයි මේ ආණ්ඩුව ගේන්න මුල්ම වෙඩිමුරේ පත්තු කළෙත්. එහෙව් උන්නැහේට බලවත් අමාත්‍යංශයක් ලැබුණා. ඒත් අමාත්‍යංශෙ ඇමැතිට වඩා රටේ ලොකුම පවුලකින් පත්වුණ සභාපති බලවත්ලු. ඊටත් වඩා ඒකෙ ප්‍රධාන විධායක බලවත්ලු.

ඒ නිසා හොඳටම රතු ඉර පැනලා කලකිරිලා ඉන්න ඇමැතිතුමා තමන් තව සති කිහිපයක් කල් බලල දැඩි තීරණයකට යන එක යනවමයි කියල ඒකාබද්දෙ ආර්ථික විසේසඥ මන්ත්‍රී කෙනෙක් එක්ක සපථ කළාලු.