2017 මැයි 06 වන සෙනසුරාදා

මැයි දිනේ වර්ජනේ කළ අය

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 462

මේ පාර මැයි දිනේ කප් එක ගහන්න මහ පක්ෂ හැම එකක්ම වගේ පුල් ඩම්එක දාලා වැඩ කළා... කොහොම කළත් ආණ්ඩු පක්ෂයෙ ඉන්න වගකිවයුතු සමහරු මේ මැයි රැලි මඟඇරල හිටියයි කියල කසු කුසුවක් යනවා...

ප්‍රබල ඇමැතිවරයෙක් වගේම තරුණ මන්තිරිවරියකුත් මැයි දිනේට හේතු නොදන්වා සහභාගි නොවීම කාගෙත් අවධානයට ලක්වුණ ප්‍රවෘත්තියක්... ඒ ඇමැතිතුමා එක්තරා ව්‍යාපෘතියක් යටතෙ රටේ දේපොළ විදේශ රටකට පැවරීමට විරුද්ධව සද්දෙ දාන කෙනෙක්ලු. මේ සද්ද බද්ද නිසා ආණ්ඩුවෙ ඉහළ තැන් එක්ක උන්නැහේ නොරොක් වෙලාලු ඉන්නෙ. ආණ්ඩුවයි ඇමැතිතුමයි අතරෙ තියන විරසකේ නිසා ඇමැතිතුමාගෙ අමාත්‍යංශය යටතෙ තියෙන මුහුදට සම්බන්ධ ආයතනෙ ලොකු පුටුව දරණ සහෝදරයගෙ සුදුසුකම් ගැන ඉහළින් ප්‍රශ්න කරන්න පටන් අරන් කියලත් ආරංචියි.

ගම්පහ පැත්තෙ රණකාමී පවුලකින් පැවතෙන ඇමැතිතුමා මේ හුටපට නිසා ආණ්ඩුවෙ මැයි රැලියට ගියේ නැහැ කියල හුඟ දෙනෙක් කියනව ඇහුන... පක්ෂ ගණනාවක ඉඳල යහපාලනේට ආපු උන්නැහේ කරණමකට සැරසෙනවද කියලත් සමහරු ප්‍රශ්න කරනවා...

උන්නැහේ වගේම කොළඹින් පත්වුණ හැඩකාර කටකාර මන්තිරිතුමියකුත් මැයි දිනේ පැත්තෙ ගියේ නැතිලු. කොළොන්නාවෙ කුණු වැඩෙන් පස්සෙ පේන්න හිටියෙ නැති මේ මන්තිරිතුමිය සැරසෙන්නෙ මොකටද කියල තවම කවුරුවත් දන්නෙ නැහැ.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00