2022 ජනවාරි 29 වන සෙනසුරාදා

සද්දෙ වහයි

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 766

පසුගිය දවස්වල හයියෙන් සද්ද කරපු අත පාටියෙ ලොකු කස්ටිය මේ දවස්වල ටිකක් නිශ්ශබ්ද වෙලාලු ඉන්නෙ. පාටියෙ ලොකු තැනට ඉතාම සමීපව උපදෙස් දෙන දෙතුන් දෙනෙක් කිව්වලු මේ කරන්න යන්නේ ඉල්ලගෙන කෑමක් කියලා. ඒ නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න.. මේ ආණ්ඩුව එක්ක හැප්පෙන්න හොඳ කාලයක් නෙමෙයි කියලා. ඊටපස්සෙ ආණ්ඩුවෙන් යන්න ඔන්න මෙන්න වගේ හිටිය එයාලගෙ පාටිය දැන් ටිකක් විනීතව ඉන්නත් පුරුදුවෙලාලු.

මේ නිහඬ බවට හේතුවෙලා තියෙන්නේ පොඩි පොඩි ගිනි පුපුරු විසිවෙද්දි පාටියෙ කට්ටියක් මේකට කෙළින්ම පෙට්‍රල් වත්කරලා ගිනි තියන්න පටන් ගත්ත නිසා බවයි ආරංචි. පක්ෂයෙ ඉහළම තැන මේ කතාව දැනගත්තේ පස්සෙලු. මොකද උන්නැහේල නඩු හබයකටවත් පැටලුණොත් එයාල වෙනුවෙන් කවුරැවත් කතා කරන එකක් නෑ කියලා කට්ටිය කිව්වලු. මේක තේරැම් ගත්ත හිටපු ලොකු තැන ඇතුළු පිරිස කට පරිස්සම් කර ගන්න තීරණය කළා කියලයි ආරංචිය.