ආණ්ඩුවෙ ඉන්න රාජ්‍ය ඇමැති සයිස් දෙන්නෙක් ඉන්නෙ ලොකු කලකිරීමකලු... මේ අය තමන්ගෙ කලකිරීම දැන් තැනින් තැන ප්‍රසිද්ධියෙම කියමින් යන බවත් ආරංචියි.
එයින් මේ දෙන්නම තමන්ගෙ හිතවත් මැති ඇමැතිල එන්න කියන්නෙ එයාලගෙ අමාත්‍යංශවල ඉන්න කැබිනට් කස්ටිය එක්ක තමන්ලාට කිසිම වැඩක් කරන්න බැහැ කියලයි.
පසුගියදාක මේ එක අමාත්‍යංශයකින් කරපු විශාල සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කළා. ඒ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති තැන ඒ සඳහා තිබුණ රාජ්‍ය උත්සවයක් වර්ජනය කළාලු. එයා පිටරට ගිහිල්ලලු එදා හිටියෙත්...
කොහොම හරි මේ රාජ්‍ය ඇමැති මට්ටමේ දෙන්නම බස්නාහිර පළාතෙ... එක්කෙනෙක් කළුතර දිසාවෙලු. අනෙක් කෙනා ගම්පහ දිසාවෙලු...
ඒ අය තමන්ගෙ කලකිරීම ගැන කියල කියල ඇතිවෙලා ඉන්න බවත් මේ ප්රශ්නය විසඳුණෙ නැත්නම් තමන් දරන රාජ්‍ය ඇමැති පට්ටම්වලින් අයින් වෙන්න සූදානමක් තිබෙන බවත් ආරංචි වෙනව.
කොහොම නමුත් දැන් ප්රශ්නය රටේ මහ කන්තෝරැවටත් ගිහිල්ලය කියල තතුදත් අය කියනව. එතැනින් මොන විදියට ප්රශ්නය විසඳේවිද කියල බලල සාර්ථක පිළිතුරක් නැත්නම් මේ දෙන්න තමන්ගෙ තීරණය ක්‍රියාත්මක කරන්නලු ගත්තා. මෙයින් එක් කෙනෙක් ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරන බවත් කියැවෙනව.