2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

මණ්ඩලේ කචල්

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 573

කරන්ට් වැදුණ වගේ මිනිස්සුන්ගෙ ඇඟට දැනෙන විදුලිය අර්බුදේ සමනය කරන්න නම් මේ අංශයේ ඉන්න ලොකුම මට්ටමේ දෙන්නෙක් වෙනස් වෙන්න ඕනය කියලා විදුලිබල අංසෙ ඉන්න රටට ජනතාවට හිතවත් අය කියනවා...

මෙයින් එක්කෙනෙක් ස්ත්‍රී රත්නයක්ලු... අනෙක් එක්නෙකා පුරුෂ රත්නයක්ලු...

මෙයින් එක්කෙනෙක් මණ්ඩලේ ඉහළම පුටුවකට ඉව අල්ල අල්ලා රටේ ඉහළම කන්තෝරුවටත් ගතු කියමින් වැඩේ අල කරන බවයි තතු දත් අය කියන්නෙ.

අනෙක් කෙනා තමන් ගත්ත තීරණවල හතර මායිම් ගැන මුකුත්ම නොදැන පොතේ හැටියටම වැඩ කරන්න යනවලු. සමහරු කියන්නෙ මේවයින් එයාට පිට වාසි තියෙන බවයි. ඔය හුඟ දෙනකුට ඕන මණ්ඩලේ කචල් හදල පිටින් සල්ලිවලට විදුලිය ගන්නමලු...

මේ කතන්දරේ ආණ්ඩුවෙ බලවත්ම අය රටේ ඉහළම තැන්වලටත් දැන්නුව කියල ආරංචියි. ඒත් තවම හරිහමන් තීන්දුවක් අරන් නැහැ. ඒ නිසා හැමදාම මණ්ඩලේ කචල් සමඟ රටම අඳුරට යන බවයි ආරංචි.